Gossip

අසාධාරණයට විරුද්ධව ලිසි නෝනා කේන්තියෙන් – පොලිසිය පැන පැන වටලයි

පානදුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරක් මත අළුබෝමුල්ල ගංගාරාම පාරේ බොල්ගොඩ ගඟ අසල මෙහෙයුමක් දියත් කළේ අද අලූයම් කාලයේදි.

මෙහිදි බොල්ගොඩ ගඟ රක්ෂිතය තුල මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නිතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් සොයාගැණුනා.

සැකකරුවෙකු සමග ගෝඩා බැරල් 25 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 10 කට අධික වන අතර සැකකරු මීට පෙරද මත්කුඩු සම්බන්ධ නඩු 10 ක සැකකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ගෝඩාතොගය විනාශ කළ පොලිසිය එහි සකස් කර තිබු අට්ටාලයක්ද ගිනිතබා විනාශ කරනු ලැබුවා.

මේ අතර මොරගහහේන තලගලවත්තේ කුලී නිවසක සිදුකරගෙන ගිය තවත් නීතිවිරෝධි ලෙස මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලූ මොරගහහේන පොලිසිය කසිප්පු ජාවාරමට සම්බන්ධ හිටපු හමුදා සෙබෙලෙකු අත්අඩංගුවට ගත්තා.

රුපියල් ලක්ෂ 3 ක් පමණ වටිනා කසිප්පු හා ස්ප‍්‍රීතු තොගයක්ද එහිදි පොලිස් භාරයට ගැණුනා.
මේවා පාදුක්ක, හොරණ, හෝමාගම, මොරගහහේන ආදි ප‍්‍රදේශවලට බෙදහැර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවුනේ.

මේ අතර තංගල්ල පොලිස් කොට්ඨාශ විෂ මත් ඒකකයේ නිලධාරින් සුරියවැව නගරයේ ඇල පාරේ කුලි නිවසක් තුල සිදුකරගෙන ගිය මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

එහි තිබි පොලිස් භාරයට ගත් ගෝඩා බැරල් 3 ක් කසිප්පු ස්ප‍්‍රිතු බෝතල් 15 ක් විනාශ කරනු ලැබුවා.

මේ අතර මොණරාගල නක්කලවත්ත ප‍්‍රදේශයෙන්ද නිතිවිරෝධි මත්පැන් සොයා ගැණුනා.

ඊට සම්බන්ධ සැකකරුවෙකුද පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔහු නක්කලවත්ත ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

මේ අතර ප‍්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින නිතිවිරෝධි මත්පැන් ජාවාරම වහා නවතාදෙන ලෙස පොලිසියෙන් ඉල්ලමින් ආදිවාසි කාන්තාවක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

දිඹුලාගල දළුකාන මංසන්ධියේ බස්නැවතුම්පළක වහලයට නැග ඇය මෙම විරෝධය පළකරනවා.

53 හැවිරිදි තිදරු මවක් වන ලිසි නෝනා නැමති මෙම කාන්තාව පෙන්වා දෙන්නේ ව්‍යාප්තව ඇති නීතිවිරෝධි මත්පැන් ජාවාරම හේතුවෙන් ප‍්‍රදේශයේ ගැටලූ රැසක් මතුවි ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.