gossip_bulletin

මව් සෙනෙහස නොඅඩුව ඇතත් කන්න දෙන්න කාසි නැහැ

poor family

ගලේවෙල බබරගහවත්ත ප්‍රදේශයේ පදිංචි ජී .එම් .නිලුකා කුමාරි බස්නායක (32)මහත්මිය තම ආබාධිත දියණියන් දෙන්නා ජිවත් කරවීම සදහා තම සැමියා වූ ජයසුන්දර බණ්ඩාර සමග වසර 13ක කාලයක සිට දහදුක් විදිති.

මේ දෙපලගේ පළමු දරුවා වූ හෂිනි මදුෂිකා (12) උපන්දාසිට ආබාධිත තත්වයට පත්ව ඇත.

රට වටේ ගොස් ඇයව සුවපත් කරගන්නට සියලු සේසත වියදම් කල දේපල දියණියගේ අඩුව මකාගන්නට දෙවැනි දරුවකු හදාගන්නට තීරණය කලද ඔවුන් එම බලාපොරොත්තුව ඉටුවී දැනට අවුරුදු එක හමාරකි. අලුත් දියණිය පංචාලි විහන්සා ද වැඩිමල් දියණියගේ තත්වයටම පත්වී හමාරය.

මේ අසරණ පවුල ජිවත් කරන්නේ ජයසුන්දර බණ්ඩාර කුලී වැඩ කරමින්ය. මේ දිනවල කුලියක් හෝ නොමැත, දරුවන්ට කිරිපිටි හෝ ආහාර අරන්දීමට මේ දෙමාපියන්ට නොහැකිවී ඇත. ජයසුන්දර බණ්ඩාර මේ දිනවල පෙදරේරු අත්වැඩ සොයා කොලබ ගොස් ඇත.

දියණියන් දෙන්නා සමග කුඩා නිවසේ කුසගින්නේ සිටින්නට නොහැකි නිලුකා අබාධිත දියණියන් දෙන්නා ද සමග තම දෙමාපියන් ජිවත්වන තම සහෝදරයාගේ නිවසට ගොස් සැමියා එනතුරු එහි සිටිති.

නිලුකා මහත්මිය සිය දරුවන් දෙන්නාගේ සියලු දේ සිදුකරන්නිය. වෙහෙසේන්නිය. දරුවකුට අවශ්ය සෙනෙහස නොවඩුව ලබාදෙන්නිය. හැඩුකදුලින් ජීවිතය ට මුහුණ දෙන අතර තමනේ හා සැමියාගේ ජිවිත වලින් පසුව දියණියන් දෙන්නාට සිදුවන්නේ කුමක්දැයි සිතමින් සිටි.

ඇය කිවේ තමන්ට රැකියාවක් හෝ ගෙදර වැඩක් හෝ කර ගැනීමට නොහැකි අතර දිවා රාත්‍රී දරුවන් දෙන්නාගේ වැඩ කරන බවය. අඩුම තරමේ දියණියන් දෙන්නා සමග ජීවත්වන්නට නිවසක් සදා ත්රිරෝද රථයක් ලබාගන්නට උදව් කලොත් තමන්ට සහනයක් බවය.

මේ අයගේ ලිපිනය ජී. එම්. නිලුකා කුමාරි බස්නායක, තැපැල් කාර්යාලය අසල බබරගහවත්ත ගලේවෙල, දුරකථනය නිලුකාගේ පියා ගේ 0775661057 උදව්වක් කරන අයකුට ඔවුන්ගේ ගිණුම් අංකය මහජන බැංකුව ගලේවෙල ජී .එම් .නිලුකා කුමාරි බස්නායක 115 2 001 4 0010251

 

dsc07141 dsc07143 dsc07145 dsc07150 dsc07153 dsc07154 dsc07157 dsc07159 dsc07165 dsc07167

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.