Gossip

දෑත් දෙපා හතරම නැතුවත් ලෝකෙ වටේ පියාඹන ජනිස්

ජනිස් මැක්ඩේවිඩ් මීට විසි පස් වසරකට පෙර ජර්මනියේ උපත ලබන්නේම අනෙකුත් අලුත උපන් බිලිඳුන් ගෙන් වෙනස්වය. ඒ දෑත් හා දෙපා අහිමිවය. නමුත් අනෙකුත් පුද්ගලයන්ට වඩා වෙනස් බව යානිස්ට තේරුම් යන්නේ අවුරුදු අටක් තරම් වියට පත් වූ විටදීය. ඒ තමන් තමා සමඟ සෙල්ලම් කරන්නට එන අසල්වැසි ළමයින් මෙන් පාවහන් නොපලඳින නිස වෙනි.

“මම ඒ වෙද්දි ගේ ඇතුළේ වගේම පාරෙත් එහෙ මෙහෙ ඇවිදිනවා. සපත්තු දාන්නේ නැති එක ඇරුණාම මට මා ගැන මහා වෙනසක් දැනෙන්නේ නෑ. හැබැයි ඒ අපේ ගෙදරට අලුතෙන්ම ගෙනාපු මහා විශාල කණ්ණාඩියෙන් මම මාවම දකිනකන් විතරයි” තමන් ඉදිරිපිට තිබූ වතුර බෝතලය ඇර වීදුරුවට වතුර පුරවා ගත් යානිස් ඉන් බිඳක් පානය කරන අතරම සිය ජීවිත කතාව පැවැසීම ආරම්භ කළේය.

ඔහුගේ නවීන තාක්‍ෂණයෙන් හෙබි රෝද පුටුවක්, දෑස ඉදිරියේ පෙනෙන්නට ඇති රුවක් නොවන්නට ඔහු එහි සිටි අන් කිසිවකුගෙත් වෙනස් වන්නේ නැහැ.

“මම දැඩිව විශ්වාස කරනවා පරිසරයත්, මා වටා සිටින පුද්ගලයනුත් මා ආබාධිත නොකරන තාක් කල් මම ආබාධිතයකු නොවන බව” අවට වූවන්ගේ අවධානය තමන් වෙත යොමු වෙන බව දැනුණු යානිස් යළිත් හඬ අවදි කළේය.

ජීවිතයේ අවාසනාවන්ත අනතුරුවලට මුහුණදී දෑත්, දෙපා දෑස් අහිමිවන්නන් පූර්ණ හෝ අර්ධ ලෙස ආබාධිතවන්නන් මානසික පසුබෑමකට ලක්ව ජීවිතය පවා තොර කර ගන්න යොමු වන තත්ත්වයක මෙසේ සිනාමුසුව සිය ජීවිකාව අන් අය සමඟ බෙදා හදා ගැනීමට ඔහු පුරුදු පුහුණු වුණේ කවදා සිටද? ඔහු ජීවිතයේ කවදාවත් මානසිකව කඩා වැටුණේ නැති ද?

“මම මේ අද ඉන්න තත්ත්වයට ඉබේ පත් වුණේ නැහැ. මම ඔබට කිව්වා නේද අපේ නිවෙසේ අලුතින් සවි කළ විශාල කැඩපත ගැන. ඉතින් දවසක් මම ඔය කැඩපත අසලින් යන විට මම දකිනවා මගේ රුව. ඇවිදිනවා කියලා හිතාගෙන මගේ කකුල් කොටවලින් පැන පැන යන හැටි. මේ රූපය දැක්කම මම විස්මයට පත් වෙනවා. කොටින්ම එදා මම අහසින් පොළොවට වැටෙනවා හිතාගන්න බැරි විදියට. මට මා ගැනම මහා ලැජ්ජාවක් දැනෙනවා. මා කෙරෙහි මිනිසුන්ගේ දැඩි අවධානයක් යොමු වුණේ ඇයි කියලා මම හරියටම තේරුම් ගත්තේ එදා. ඉතින් මම එදායින් පසු එළිමහනට එන්නේ නෑ. ගෙදරට කවුරු ආවත් මම කාමරය තුළ සැඟවෙනවා. මොකද මම මා ගැනම මවාගෙන හිටපු රූපය මම අර කැඩපතින් දුටු රූපය නිසා බිඳ වැටිලා” යානිස් ඒ අතීතය අද සිහිගන්වන්නේ නොමැකෙන සුන්දර සිනහවක් මුව රඳවාගෙන.

“ඒ ඔක්කොටම වඩා මට දරාගන්න බැරි වුණේ මගේ සිහිනය, එනම් මෝටර් බයිසිකල් මත යන පොලිස් නිලධාරියකු වීම ඉතින් සිහිනයක්ම බව වැටහීම.”

විසි පස් හැවිරිදි යානිස් මේ වන විට ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරමින් සිටිනවා. ඔහු අප හා කතා කළේ බද්දේගම රේන්බෝ ව්‍යාපෘතියට අයත් භූමියේ සිටය. දෑත් දෙපා අහිමි වුවත් ලොව විවිධ රටවල සංචාරය කිරීමට යානිස්ට ඇති ආශාව යටපත් කරන්නට නම් ඒ කිසිවකට හැකියාවක් ලැබී නෑ. ඔහුට ඒ සඳහා රුකුල් දෙන්නටත් යෑමට අපහසු ස්ථානවලට මැසිවිලි නොනඟා ඔහුව ඔසවා ගෙන යෑමටත් දෑත් දෙපා සම මිතුරන් දෙදෙනකු ඇත.

අවුරුදු අටේදී තමන්ගේ සැබෑ ස්වරූපය අවබෝධ වීමත් සමඟ සමාජයෙන් සැඟවී ගන්නා යානිස් මේ තත්ත්වයෙන් තමන්ට මිදිය හැකි මඟක් සොයනවා.

“මට ඔළුවට එනවා කෘත්‍රිම පාද ගැන. මම දැකලා තියෙනවා එක පාදයක් අහිමි වූ අය කෘත්‍රිම පාදයක් පලඳිනවා. දිග කලිසමක් ඇන්දහම කාටවත් ඒ අඩුපාඩුව හොයාන්න බැහැ. ඒත් කෘත්‍රිම දෙපා මත මගේ ඇඟ සමබර කරගන්න එක මට මහා අමාරු දෙයක් වුණා. මම දන්නේ නැහැ ඔබලා කොහොම ඔය සිරුර දෙපා මත සමබර කරගෙන එහෙ මෙහේ දුවනවාද කියලා.” ඔහු මහ හ¾ඩින් හිනැහෙයි.

සියල්ල අසාර්ථක වූ දිනෙක ඔහු සිය මවුපියන් වෙත ගොස් අසනවා ඇයි ඔහු මෙලෙස මේ ලෝකයට බිහිවුණේ කියලා.

“මම එහෙම අහපුවාම මගේ මවුපියෝ දෙන්නා මට අභියෝගයක් භාර දෙනවා. ඒ මා විසින්ම මා මෙලෙසින් මේ ලොවට බිහිවුණේ කුමන කාර්යභාරයකට, කුමන අරමුණක් සඳහාද කියලා සොයාගන්න. හැබැයි ඔවුන් දෙදෙනා මගේ මානසික අවුල ලෙහා ගන්න මාත් එක්ක පොඩි ක්‍රියාකාරකමක නිරත වෙනවා. අපි තුන් දෙනා වාඩිවෙලා ලියන්න පටන් ගන්නවා මාගේ මේ ආබාධිතත්ත්වය නිසාම මට ලැබෙන වාසි. ඒවා මහා ලොකු දේවල් නෙවේ. උදාහරණයක් විදියට මට මගේ සහෝදර සහෝදරියන්ට වගේ ගෙවල් අස් කරන්න, අතුගාන්න, පිඟන් හෝදන්න සිද්ධ වෙන්නේ නෑ. මේ ලැයිස්තුව හඳුනාගෙන යද්දී මට වැටහෙනවා ආබාධිත තත්ත්වය කියන්නේ සෘණාත්මක දෙයක් නොවන බව. ඒ ගැන කනස්සල්ලෙන් මුළුගැන්විලා ඉන්න ඕන නැති බව. මේ වටහා ගැනීම මගේ ආත්ම විශ්වාසය නංවා ගැනීමට මහත් උදව්වක් වුණා.”

යානිස් මේ වන විට ජර්මනිය පුරාම ආබාධිත වූවන්ගෙන් මෙන්ම අනෙක් අයගේ මානසික ශක්තිය වර්ධනයටත් ඉලක්ක ජයගන්න මාර්ගෝපදේශකයකු ලෙසත් දේශන පවත්වනවා. ඔහු සිය ජීවිත කතාව, ජීවන අත්දැකීම් ඔවුන් හා බෙදාහදා ගන්නේ සතුටින්. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ අවශ්‍යතා අයිතිවාසිකම් පිළිබඳ ඔහු ජර්මානු පාර්ලිමේන්තුව තුළ සටන් වදිනවා.

“මගේ මේ වාර්තමාන චරිතය හා කාර්යයභාරයත් මා වෙත එන්නේ අහඹු සිද්ධියකින්. මම ජර්මනිය තුළ ගමන් බිමන් යන්නේ මගේම මෝටර් රථයෙන්. එය නවීන තාක්‍ෂණය භාවිත කොට නිපැද වුවක් හැබැයි මට මේ රථය පැදවීමට අවසර ගන්න මගේ මවුපියන්ට එරට නිලධාරීන් සමඟ බොහෝසේ වාද විවාද කරන්න සිදුවුණා. ඉතින් මට ඉන්නවා සගයකු මෝටර් රථ අලෙවියේ යෙදෙන. දිනක් මට ඔහු කතා කරලා කියනවා බර්ලින් නුවර පැවැත්වෙන මෝටර් රථ ප්‍රදර්ශනයකට මගේ මෝටර් රථයත් තබන්න කැමැතිද කියලා. ඒක මහා අමාරු දෙයක් නොවන නිසා මමත් බොහොම කැමැත්තෙන් භාර ගත්තා,” එහෙත් ප්‍රදර්ශනයට ගිය යානිස්ට සිය මිතුරා බලාපොරොත්තු නොවූ කාර්යයක් පවරනවා.

“ඔබ අද මේ ඉන්න අයට ඔබගේ කතාව කියන්න ඕන. ඔබ මේ නරඹන්නන්ට දේශනයක් පැවැතිය යුතුමයි” කියා මිතුරා යානිස්ගෙන් ඉල්ලනවා.

“මම ටිකක් වික්‍ෂිප්ත වුණා. නමුත් හිතට ධෛර්යය අරගෙන දේශනය කළා. මගේ අත්දැකීම් බෙදාහදා ගත්තා. මම නොහිතපු විදියට විශාල ප්‍රතිචාර මට ලැබුණා. එතැන් සිට විවිධ ප්‍රදේශවලට දේශනා සඳහා ඇරැයුම් ගලා ආවා. දවසක් මගේ කතාවක් අහන්න ආපු ප්‍රකාශකයකු පැමිණ මට මේ ජීවන අත්දැකීම් දේශනා පොතක් බවට පත් කළ යුතු බවට යෝජනා කළා. අද මගේ පොත් ජර්මනිය පුරා ප්‍රසිද්ධයි,” යානිස් පැවැසීය.

යානිස් දේශන කීපයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන්.

“මම දවසක් අහම්බෙන් දකිනවා යානිස්ගේ වීඩියෝවක්. මාත් සමඟ සුනාමියෙන් පසු එකට වැඩ කරන ජර්මන් ජාතික මාර්ටින් මහතාට මම කිව්වා මට මේ පුද්ගලයාව ලංකාවට ගෙන්වා ගත යුතු බව. ඔහු මට පොරොන්දු වෙනවා ඒ ගැන සොයා බලන්න. ඔය අතරේ ඇන්ජි නම් ඔහුගේ මිතුරියක් ලංකාවට එන්නේ දෙනෙත් අඳ. ඇයගේ කුඩා ඥාති දියණියට මාර්ටිනස් මහතාගේ රේන්බෝ ව්‍යාපෘතියට සම්බන්ධ කරන්න. මාර්ටින් මහතා ඇයගෙන් යානිස් පිළිබඳ විමසා තියෙනවා. පුදුමයකට වගේ ඇයත් ඔහුත් කාලයක් එකම ස්ථානයක රැකියාව කරලා තියෙනවා. ඉතින් යානිස්ව මෙරටට ගේන කාර්යය ඇය භාර ගත්තා,” සමිත හිමියන් අපි සමඟ කීවා.
සිය සොහොයුරන් දෙදෙනකුම ආබාධිත තත්ත්වයේ පසුවන නිසා තමා එවැනි පුද්ගලයන් ගැන ඉතා සංවේදී බව පැවැසූ උන්වහන්සේ ලාංකිකයන් තුළ ආබාධ සහිත පුද්ගලයන් කෙරෙහි වන ආකල්පය වෙනස් විය යුතු බව පැවැසුවා.

“හුඟක් වෙලාවට අපි ඕවා කර්මය නිසා වූ දේවල් ලෙස බැහැර කරනවා. නමුත් බුදු දහමේ කොතැනකවත් කියන්නේ නැහැ අකුසල කර්ම නිසා හෝ ආබාධිත වූවන් නොසලකා හැර, ඉවත දමා හෙළා දකින්න ඉඩ අවසර තියෙනවා කියලා.” උන් වහන්සේ අවධාරණය කළා.
යානිස් පවසන පරිදි ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් දෙරටේම සමාජයීය ආකල්ප අතර එතරම් වෙනසක් දකින්නට නැත.

“මට දැනිලා තියෙනවා මිනිස්සු මා දිහා අමුතු සතෙක් දිහා වගේ බලන් ඉන්නවා. ඒ විතරක් නෙවේ මම පාරේ එද්දී මාව මුණ නොගැහෙන්න සමහරුන් පාරේ අනික් පැත්තට මාරු වෙනවා. මට නම් මා තවත් එක් සාමාන්‍ය මිනිසකු පමණයි. මගේ මේ ආබාධිත තත්ත්වයටම තමා මට මහා ධෛර්යයත් අවශ්‍යතාවත් ඇති කළේ. අනෙක් හැමෝම කරන දේවල් කරන්න අධ්‍යාපනය ඉහළ යන්න පවා මට ධෛර්යයක් වුණේ අනිත් අය ආබාධයක් ලෙස දකින මේ තත්ත්වයයි.”
යානිස් අද මවුපියන් ලෙස හඳුන්වන්නේ තමන්ගේ කැපකරු මවුපිය දෙපොළයි.

“මාව ඉපදුණාම මගේ සැබෑ මවුපියන් මහත් අසීරුවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට මා ඉවත දමන්න කිසිම වුවමනාවක් තිබිලා නැහැ. ඒත් මාව හදා වඩා ගන්නේ කොහොමද කියලා අදහසකුත් තිබිලා නැහැ. ඉතින් ඔවුන් හොඳින් සොයා බලලා මගේ දැන් ඉන්න අම්මටයි තාත්තටයි මාව භාරදීලා. මම හිතනවා ඔවුන් මා වෙනුවෙන් කළ ලොකුම යුතුකම, මෙහෙය එය කියා අදටත් ඔවුන් මාව බලන්න එනවා. මාව වෙන පවුලකට දුන්නා කියලා ඔවුන් ඉවත බලාගත්තේ නැහැ. අද මට දෑත් දෙපා නැති වුණාට මවුපියන් හතර දෙනෙක් ඉන්නවා.

තමන් කවදාම හරි කුමන ආකාරයකින් හරි, කොතැනදී හරි යම් ආබාධිත තත්ත්වයට පත්වීමට ඉඩ තියෙනවා කියලා අපි හැමෝටම හිතන්න පුළුවන් නම් ආබාධිත වූ අපට අපේ අයිතිවාසිකම් අවශ්‍යතා සපුරාගන්න කියලා සටන් වඳින්න වුවමනා වෙන එකක් නැහැ.” යානිස් සුන්දර සිනාවකින් මුව සරසාගෙන පැවැසීය.

අවුරුදු අටේදී තමන්ගේ සැබෑ ස්වරූපය අවබෝධ වීමත් සමඟ සමාජයෙන් සැඟවී ගන්නා යානිස් මේ තත්ත්වයෙන් තමන්ට මිදිය හැකි මඟක් සොයනවා.

“මට ඔළුවට එනවා කෘත්‍රිම පාද ගැන. මම දැකලා තියෙනවා එක පාදයක් අහිමි වූ අය කෘත්‍රිම පාදයක් පලඳිනවා. දිග කලිසමක් ඇන්දහම කාටවත් ඒ අඩුපාඩුව හොයාගන්න බැහැ. ඒත් කෘත්‍රිම දෙපා මත මගේ ඇඟ සමබර කරගන්න එක මට මහා අමාරු දෙයක් වුණා. මම දන්නේ නැහැ ඔබලා කොහොම ඔය සිරුර දෙපා මත සමබර කරගෙන එහෙ මෙහේ දුවනවාද කියලා.” ඔහු මහ හඩින් හිනැහෙයි.

සියල්ල අසාර්ථක වූ දිනෙක ඔහු සිය මවුපියන් වෙත ගොස් අසනවා ඇයි ඔහු මෙලෙස මේ ලෝකයට බිහිවුණේ කියලා.
“මම එහෙම අහපුවාම මගේ මවුපියෝ දෙන්නා මට අභියෝගයක් භාර දෙනවා. ඒ මා විසින්ම මා මෙලෙසින් මේ ලොවට බිහිවුණේ කුමන කාර්යභාරයකට, කුමන අරමුණක් සඳහාද කියලා සොයාගන්න. හැබැයි ඔවුන් දෙදෙනා මගේ මානසික අවුල ලෙහා ගන්න මාත් එක්ක පොඩි ක්‍රියාකාරකමක නිරත වෙනවා. අපි තුන් දෙනා වාඩිවෙලා ලියන්න පටන් ගන්නවා මාගේ මේ ආබාධිත ත්ත්වය නිසාම මට ලැබෙන වාසි. ඒවා මහා ලොකු දේවල් නෙවේ. උදාහරණයක් විදියට මට මගේ සහෝදර සහෝදරියන්ට වගේ ගෙවල් අස් කරන්න, අතුගාන්න, පිඟන් හෝදන්න සිද්ධ වෙන්නේ නෑ. මේ ලැයිස්තුව හඳුනාගෙන යද්දී මට වැටහෙනවා ආබාධිත තත්ත්වය කියන්නේ සෘණාත්මක දෙයක් නොවන බව. ඒ ගැන කනස්සල්ලෙන් මුළුගැන්විලා ඉන්න ඕන නැති බව. මේ වටහා ගැනීම මගේ ආත්ම විශ්වාසය නංවා ගැනීමට මහත් උදව්වක් වුණා.”

යානිස් මේ වන විට ජර්මනිය පුරාම ආබාධිත වූවන්ගෙන් මෙන්ම අනෙක් අයගේ මානසික ශක්තිය වර්ධනයටත් ඉලක්ක ජයගන්න මාර්ගෝපදේශකයකු ලෙසත් දේශන පවත්වනවා. ඔහු සිය ජීවිත කතාව, ජීවන අත්දැකීම් ඔවුන් හා බෙදාහදා ගන්නේ සතුටින්. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ අවශ්‍යතා අයිතිවාසිකම් පිළිබඳ ඔහු ජර්මානු පාර්ලිමේන්තුව තුළ සටන් වදිනවා.

“මගේ මේ වර්තමාන චරිතය හා කාර්යභාරයත් මා වෙත එන්නේ අහඹු සිද්ධියකින්. මම ජර්මනිය තුළ ගමන් බිමන් යන්නේ මගේම මෝටර් රථයෙන්. එය නවීන තාක්‍ෂණය භාවිත කොට නිපැදවූවක් හැබැයි මට මේ රථය පැදවීමට අවසර ගන්න මගේ මවුපියන්ට එරට නිලධාරීන් සමඟ බොහෝ සේ වාද විවාද කරන්න සිදුවුණා. ඉතින් මට ඉන්නවා සගයකු මෝටර් රථ අලෙවියේ යෙදෙන. දිනක් මට ඔහු කතා කරලා කියනවා බර්ලින් නුවර පැවැත්වෙන මෝටර් රථ ප්‍රදර්ශනයකට මගේ මෝටර් රථයත් තබන්න කැමැතිද කියලා. ඒක මහා අමාරු දෙයක් නොවන නිසා මමත් බොහොම කැමැත්තෙන් භාර ගත්තා,” එහෙත් ප්‍රදර්ශනයට ගිය යානිස්ට සිය මිතුරා බලාපොරොත්තු නොවූ කාර්යයක් පවරනවා.

“ඔබ අද මේ ඉන්න අයට ඔබගේ කතාව කියන්න ඕන. ඔබ මේ නරඹන්නන්ට දේශනයක් පැවැත්විය යුතුමයි” කියා මිතුරා යානිස්ගෙන් ඉල්ලනවා.

“මම ටිකක් වික්‍ෂිප්ත වුණා. නමුත් හිතට ධෛර්යය අරගෙන දේශනය කළා. මගේ අත්දැකීම් බෙදාහදා ගත්තා. මම නොහිතපු විදියට විශාල ප්‍රතිචාර මට ලැබුණා. එතැන් සිට විවිධ ප්‍රදේශවලට දේශනා සඳහා ඇරැයුම් ගලා ආවා. දවසක් මගේ කතාවක් අහන්න ආපු ප්‍රකාශකයකු පැමිණ මට මේ ජීවන අත්දැකීම් දේශනා පොතක් බවට පත් කළ යුතු බවට යෝජනා කළා. අද මගේ පොත් ජර්මනිය පුරා ප්‍රසිද්ධයි,” යානිස් පැවැසීය.

යානිස් දේශන කීපයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන්.

“මම දවසක් අහම්බෙන් දකිනවා යානිස්ගේ වීඩියෝවක්. මාත් සමඟ සුනාමියෙන් පසු එකට වැඩ කරන ජර්මන් ජාතික මාර්ටින් මහතාට මම කිව්වා මට මේ පුද්ගලයාව ලංකාවට ගෙන්වා ගත යුතු බව. ඔහු මට පොරොන්දු වෙනවා ඒ ගැන සොයා බලන්න. ඔය අතරේ ඇන්ජි නම් ඔහුගේ මිතුරියක් ලංකාවට එන්නේ දෙනෙත් අඳ ඇයගේ කුඩා ඥාති දියණියව මාර්ටිනස් මහතාගේ රේන්බෝ ව්‍යාපෘතියට සම්බන්ධ කරන්න. මාර්ටින් මහතා ඇයගෙන් යානිස් පිළිබඳ විමසා තියෙනවා. පුදුමයකට වගේ ඇයත් ඔහුත් කාලයක් එකම ස්ථානයක රැකියාව කරලා තියෙනවා. ඉතින් යානිස්ව මෙරටට ගේන කාර්යය ඇය භාර ගත්තා,” සමිත හිමියන් අපි සමඟ කීවා.
සිය සොහොයුරන් දෙදෙනකුම ආබාධිත තත්ත්වයේ පසුවන නිසා තමා එවැනි පුද්ගලයන් ගැන ඉතා සංවේදී බව පැවැසූ උන්වහන්සේ ලාංකිකයන් තුළ ආබාධ සහිත පුද්ගලයන් කෙරෙහි වන ආකල්පය වෙනස් විය යුතු බව පැවැසුවා.

“හුඟක් වෙලාවට අපි ඕවා කර්මය නිසා වූ දේවල් ලෙස බැහැර කරනවා. නමුත් බුදු දහමේ කොතැනකවත් කියන්නේ නැහැ අකුසල කර්ම නිසා හෝ ආබාධිත වූවන් නොසලකා හැර, ඉවත දමා හෙළා දකින්න ඉඩ අවසර තියෙනවා කියලා.” උන් වහන්සේ අවධාරණය කළා.
යානිස් පවසන පරිදි ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් දෙරටේම සමාජයීය ආකල්ප අතර එතරම් වෙනසක් දකින්නට නැත.
“මට දැනිලා තියෙනවා මිනිස්සු මා දිහා අමුතු සතෙක් දිහා වගේ බලන් ඉන්නවා. ඒ විතරක් නෙවේ මම පාරේ එද්දී මාව මුණ නොගැහෙන්න සමහරුන් පාරේ අනික් පැත්තට මාරු වෙනවා. මට නම් මා තවත් එක් සාමාන්‍ය මිනිසකු පමණයි. මගේ මේ ආබාධිත තත්ත්වයටම තමා මට මහා ධෛර්යයත් අවශ්‍යතාවත් ඇති කළේ. අනෙක් හැමෝම කරන දේවල් කරන්න අධ්‍යාපනය ඉහළ යන්න පවා මට ධෛර්යයක් වුණේ අනිත් අය ආබාධයක් ලෙස දකින මේ තත්ත්වයයි.”
යානිස් අද මවුපියන් ලෙස හඳුන්වන්නේ තමන්ගේ කැපකරු මවුපිය දෙපොළයි.

“මාව ඉපදුණාම මගේ සැබෑ මවුපියන් මහත් අසීරුවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට මා ඉවත දමන්න කිසිම වුවමනාවක් තිබිලා නැහැ. ඒත් මාව හදා වඩා ගන්නේ කොහොමද කියලා අදහසකුත් තිබිලා නැහැ. ඉතින් ඔවුන් හොඳින් සොයා බලලා මගේ දැන් ඉන්න අම්මටයි තාත්තටයි මාව භාරදීලා. මම හිතනවා ඔවුන් මා වෙනුවෙන් කළ ලොකුම යුතුකම, මෙහෙය එය කියා. අදටත් ඔවුන් මාව බලන්න එනවා. මාව වෙන පවුලකට දුන්නා කියලා ඔවුන් ඉවත බලාගත්තේ නැහැ. අද මට දෑත් දෙපා නැති වුණාට මවුපියන් හතර දෙනෙක් ඉන්නවා.

තමන් කවදාම හරි කුමන ආකාරයකින් හරි, කොතැනදී හරි යම් ආබාධිත තත්ත්වයට පත්වීමට ඉඩ තියෙනවා කියලා අපි හැමෝටම හිතන්න පුළුවන් නම් ආබාධිත වූ අපට අපේ අයිතිවාසිකම් අවශ්‍යතා සපුරාගන්න කියලා සටන් වදින්න වුවමනා වෙන එකක් නැහැ.” යානිස් සුන්දර සිනාවකින් මුව සරසාගෙන පැවැසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.