Paper Gossip

තාජුඩීන්ගේ වාහනයෙන් ලොකු දෙයක් හෙළිවෙයි

Wasim Thajudeen

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සිදුවී මොහොතකට පෙර ඔහුගේ වාහනයේ පිටුපස අසුනේ ගමන් කර ඇති පුද්ගලයා කවුරුන්දැයි අනාවරණය කරගැනීම සඳහා දීර්ඝ ලෙස විමර්ශන සිදුකරන්නේ යෑයි නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඊයේ (06 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොක්‌සි මහතාට දැනුම් දුන්නේය.

එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පළමුවැනි සැකකාර හිටපු පොලිස්‌ පරීක්‌ෂක සුමිත් පෙරේරා නමැත්තාගෙන් ද මේ වන විටත් එකී අභිරහස්‌ පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය. එම කරුණු සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා බස්‌නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා හිටපු පොලිස්‌ පරීක්‌ෂක සුමිත් පෙරේරා යන සැකකරුවන් දෙදෙනා ලබන 19 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට නියෝග කළේය.

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්
ඒ. ඡේ. ඒ. අබේනායක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top