Gossip

යුවළක් ගෙදරකට වෙලා පාඩුවේ කළ මහා අපරාධය

වැලිකඩ පොලිසියේ අපරාධ අංශයට වැදගත් හෝඩුවාවක් ලැබුණා. ඒ හෝඩුවාවෙන් කියවුණේ කුලී ගෙදරක ඉන්න තරුණ යුවළක් මත්කුඩු විකුණනවා කියලා.

පිටකෝට්ටේ කොටුබැම්ම පාරේ තිබුණු මේ නිවස අද දවල් වැලිකඩ පොලිසියෙන් වැටලුවා. ඒ වෙලාවෙත් මත්කුඩු පැකට් කරමින් සිටි මේ යුවළ පොලිසියට කොටු වුණා. වටලන වෙලාවෙත් මේ දෙන්නා මත්කුඩු පානය කරමින් හිටියේ.

එයාලා ගාව තිබුණු බ්‍රවුන්ස් සුගර් වර්ගයේ මත්කුඩු පැකට් 200ක් පොලිස් භාරයට ගත්තා. ඒවා බෙදා හරින අංක තහඩු නොමැති යතුරු පැදි දෙකකුත් පොලිසිය සොයා ගත්තා. මාස දෙක තුන වගේ පුංචි කාලවලට විවිධ ප්‍රදේශවලින් මෙයාලා කුලියට ඉඳලා. පුංචි ගෙයක් වුණත් මේ නිවසට 15000ක මාසෙක පොලියක් ගෙවලා.

හැබැයි නිවසේ හිමිකරු මේ යුවළට නිවස කුලියට දීලා තියෙන්නේ එයාලා ගැන කිසිම තොරතුරක් හොයලා බලන්නේ නැතුව. මේ අය ගල්කිස්ස රත්මලාන, දෙහිවල. පිළියන්දල, බොරලැස්ගමුව වගේ ප්‍රදේශවලට දිගු කාලයක් තිස්සේ මත්කුඩු බෙදා හැරලා තියෙනවා කියලයි පොලිසිය කියන්නේ.

වැලිකඩ පොලිසිය මේ මත්කුඩු ජාවාරම ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.