gossip_bulletin

ලංකාවේ තරුණියකට පෙම්බැදි කොරියානු ආදරවන්තයාට ලැබිච්ච ලොකුම පොල්ල

korea

ඒ විදිහට ආදරෙන් සහ විශ්වාසයෙන් හිටපු ස්වාමිපුරුෂයෙක්ට අත්වෙච්ච ඉරණමක් ගැන තමයි මේ කියන්න හදන්නේ….

දකුණු කොරියාවේ සෝල් නුවර පදිංචිකරුවකු වන හර් චොන්ග් ඩේ Hur jong dae (78) ඒ රටේ ප‍්‍රසිද්ධ චරිතයක් ව ජීවත් වුන පුද්ගලයෙක්.

1982 අවුරුද්දේ දි රට තුළ ඇති වුන දේශපාලන පෙරළියක් එක්ක ඔහු තම මව් රට අතහැර ඉන්දියාවට ගොස් තිබෙනවා.

මාස තුනක් කාලයක් එහි දිවි ගෙවන චොන්ග් ඉන්දියාවේ මදුරාසියේ පවතින අධික උනුසුම නිසා වෙන රටකට යන්න කරුනු සෙවීමේදී ලංකාව ගැන ලැබුනු තොරතුරු මත එම වර්ෂයේදීම ලංකාවට පැමිණෙනවා.

එහිදී කටුනායක ගුවන් තොටුපලෙහි රාජකාරීයෙහි නිරත වූ පුදුගලයෙකු හා මිතුරුවන චොන්ග් ඔහුගේ ගම්පලාත වන රත්නපුරයට ගොස් එහි කාලයක් දිවි ගෙවමින් සිටින අතර එහි දී කාන්තාවක් හා මිත‍්‍ර වී විවාහ වනු ලබනවා.

පසුව මෙරට මහා පරිමාන ව්‍යාපෘතිවල අබල ද‍්‍රව්‍ය මිලට ගැනීම සහ එම ව්‍යාපෘතිවලට කොරියානු උපකරණ ගෙන්වාදීම සම්බන්ධිකරණය සම්බන්ධ ව්‍යාපාර කිහිපයක් ආරම්භ කරනු ලබන අතර කොට්ටාවේ සහ කොත්මලේ ප‍්‍රදේශවල එම ව්‍යාපාර ආයතන පිහිටුවනු ලබනවා.

ඒ අතරතුර දොන්ගේ බීරිද ව්‍යාපාරයෙහි නිරත නිලධාරියෙකු හා පෙමින් බැදෙමින් චොන්ග් මෙරට නොමැති අවස්ථාවකදී සියලු ව්‍යාපාර විකුණා දමා වෙනත් විදේශ රටකට ගොස් ඇති බවත් අනෙක් බීරිදට අයත් ව තිබූ දේපල ඇයගේ සහෝදරියන්ට පවරා ගොස් ඇති බවයි චොන්ග් පවසන්නේ.

පසුව කොරියාවේ හිත මිතුරන්ගේ ආදාර ඇතිව නැවතත් මෙරටට පැමිණෙන චොන්ග් තනිවම නැවතත් ව්‍යාපාර ආරම්භ කර ඇති අතර එහිදී දිවයිනේ විවිධ පුද්ගලයින්ට කොරියාවෙන් උපකරණ මිලයට ගැනීමට අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු කරමින් එම භාන්ඩ ලබා ගැනිමේදී කොමිස් මුදල් ලබා ගනිමින් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර පසුව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ලාංකිකක ව්‍යාපාරකයින් තමන්ට රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදල් වංචා කර ඇති බවයි දොන්ග් පවසන්නේ.

මේ පිලිබදව මිරිහාන / කඩවත / අවිස්සාවේල්ල / පානදුර / සූරියවැව / වත්තල ආදී පොලිස් ස්ථාන ගනනාවක පැමිනිලි සිදු කරත් මෙතෙක් නිසියාකරයෙන් තමන්ට මුදල් ලබාදී ගැටලු නිරාකරණයට පොලිසිය අසමත් වූ බවත් වර්තමානයේදී පොලිසියට යනවිට බැන පන්නා දමන බවත් චොන්ග් පවසයි.

එබැවින් තමන්ට තව වසරකටත් අඩු කාළයක් මෙරට රැදී සිටිමට වීසා ඇති බැවින් තම මව් රටට යාමට පෙර මෙම මුදල් තමා වෙත ලබා ගැනීමට පිහිට වෙන ලෙසත් ඉන්පසු තම රරට යාමට අවශ්‍ය බවත් චොන්ග් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.