Gossip

හිතුවේ නැති තැනක සිසුවෙකුට ජිවිතය දාලා යන්න සිද්ධ වෙලා

mathaera

දික්වැල්ල, දොඩම්පහල ප්‍රදේශයේදී පාපුවරුවෙන් ඇද වැටිලා ජිවිතක්ෂයට පත්වෙලා. ඊයේ දවල් 12.40ට විතර මාතර උපකාර පන්තියකට ගිහින් ආපහු එන අතරතුර නිවස ආසන්න තියෙන බස් නැවතුමක් ආසන්නයේදී තමා ඔහු පා පුවරුවෙන් ඇද වැටුනේ.

කොන්ක්‍රීට් කාණුවක බැම්මක හිස වැදීමෙන් මේ සිසුවා එම ස්ථානයේදීම මරණයට පත් වුණා.

ඔහු දික්වැල්ල විජිත මාධ්‍ය මහා විද්‍යාලයේ මෙවර උසස් පෙළ ජීව විද්‍යා පන්තිවලට ඇතුල් වීමට සුදානම්ව සිටි සිසුවෙක්.

සහෝදරයන් තිදෙනකුගේ පවුලේ ඔහු වැඩිමලා. මේ අනතුරෙන් පස්සේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර දික්වැල්ල පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ඒ අයව අද අධිකරණයට ඉදිරිපත් කරනවා කියලයි පොලිසිය කියන්නේ.

අනතුර සිද්ධ වෙච්ච ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර බස් රථ වේගයෙන් ධාවනය වන නිසා මීට ඉස්සරත් මෙතැන අනතුරු සිද්ධ වෙලා තියෙනවා කියලා ගම්මු කියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.