gossip_bulletin

හම්බන්තොටදි භික්ෂූන් වහන්සේ පිරිසකගේ මාධ්‍ය හමුවකට කඩාපැන්න පිරිසක් නිසා උණුසුම් තත්ත්වයක් හටගෙන

thero

හම්බන්තොට ප‍්‍රදේශයේදි භික්ෂුන් වහන්සේ පිරිසක් කැඳවා තිබු මාධ්‍ය හමුවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ මාධ්‍ය හමුවට කඩාවැදුනු කිසියම් පිරිසක් ඊට විරෝධය පළකිරීමත් සමගයි.

අද මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුනේ හම්බන්තොට පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ලේදි.

හම්බන්තොට ප‍්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ අදහස් පළකිරීමටයි එක්සත් භික්ෂු සංගමය නැමති සංවිධානය මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුනේ.

කෙසේවෙතත් මේ මාධ්‍ය හමුව අතරතුරදි කිසියම් පිරිසක් පැමිණ උන්වහන්සේලාගේ අදහස් දැක්වීමට එරෙහිව මෙසේ විරෝධතාව පළකලා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.