Political

උදය ගම්මන්පිල අන්තිමට Facebook එකෙන් උද්ඝෝෂණයකට ලෑස්තිවෙයි

udaya gammanpila

ජනවාරි 8 වැනි දින තමන්ගේ මුහුණුපොතේ Facebook හැදුනුම් ඡායාරූපය (Profile Picture) කළු කොඩියක් බවට පත්කර මේ ආණ්ඩුවේ ගමන් මගට විරෝධය පළ කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමස්ත ජාතියෙන් ඉල්ලීමක් කළේය.

ඊයේ (5දා) පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට පක්ෂයේ සාමාජිකයන් සමග කළු ඇදුමින් සැරැසී පැමිණි මන්ත්‍රීවරයා පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේද කීය 2015 ජනවාරියෙන් අපි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා ආණ්ඩුව සිය පළමු සංවත්සරය තුළදී රට අවුරුදු දහයකින ආපස්සට අරගෙන ගොස් තිබුණු නිසා ආණ්ඩුවේ ගමනට විරෝධය පල කරලා කලු කොඩි ඔසවා ආණ්ඩුව යන ගමන වැරැදිය කියන පණිවුඩය ලබා දෙන්න කියලා.

එදා ආණ්ඩුව පොලීසිය යොදවලා කළු කොඩි කැපීමේ ක්‍රියාවලියක් 7 වැනිදා ඉදන් පටන් ගත්තා. අභයාරාමයේ කළුකොඩි ඔසවනවද බලන්න පොලිස් නිලධාරීන් රදවලා තිබුණා. කළුකොඩි එසවූ වාහන විශේෂ පරීක්ෂාවට ලක්කළා. මේ සියල්ල සිදුවුණේ නීතිය නමන වෑල්ඩින් බාස් පොලිස්පති තනතුරට පත් වන්න කළින්.

රටේ අපරාධ රැල්ල වැඩිවෙලා තියෙන පසුබිමක ඒ සියල්ල පසෙක දමා අහිංසක පොලිස් නිලධාරීන්ට කළු කොඩි කපන්න සිදුවෙන්න පුළුවන්.. ඒකයි මෙච්චර මුහුණු පොතට පමණක් කළුකොඩි එසවීම සීමා කරන්න තීරණය කළේ.

විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ ගමන නිසා කලකිරීමට පත්වුණේ ලැජ්ජාවට පත්වුණේ අපේක්ෂාභංගත්වයට පත්වුණේ බුලත් කොළයට කතිරය ගහපු ලක්ෂ පනස් අට නෙවෙයි හංසයට කතිරය ගහපු ලක්ෂ හැටදෙක. අපි පැතූ වෙනස මෙය නොවේ. මේ යන ගමන වැරැදියි යන පණිවුඩය ආණ්ඩුවට ලබාදෙන්න හංසයට කතිරය ගහපු ලක්ෂ හැටදෙකටත් මුහුණුපොතේ කළු කොඩි ඔසවන්න අපිත් සමග එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

 

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

 

udaya-b

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top