Gossip

ට්‍රක් රථයේ යට සිටි දරුවා මව විසින් එම රථය යටට රිංගා පිටතට අරගෙන

මවගේ අතින් මිදී ප්‍රධාන මාර්ගය හරහා දිවගිය සය හැවිරිදි පිරිමි දරුවකු වේගයෙන් පැමිණි සිමෙන්ති පිරවූ විශාල ට්‍රක් රථයක ගැටී අනූනවයෙන් දිවිගලවා ගැනීමක් පිළිබඳ දික්වැල්ල බතිගම බටහිර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පියමජ නෙත්සර නමැති මෙම ළමයා පෙරේදා (04දා) උදයේ තංගල්ල නගරයේ පාසලකට පළමු වසරට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව හා ආච්චි සමඟ බසයෙන් පැමිණ වලව්ව හන්දියේ බැසීමෙන් අනතුරුව මෙසේ දරුවා මාර්ගය හරහා දිවගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි. මාතර දෙසින් පැමිණි ට්‍රක් රථයේ දරුවා ගැටී ඇත.

අනතුරත් සමඟ ට්‍රක් රථයේ යට සිටි දරුවා මව විසින් එම රථය යටට රිංගා පිටතට ගෙන පළමුව දික්වැල්ල රජයේ රෝහලටද, අනතුරුව මාතර මහ රෝහලටද ඇතුළත් කර ඇත. දරුවාට සුළු තුවාල සිදුවී ඇති අතර අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිමෙන්ති ට්‍රක් රථයේ රියැදුරා මෙසේ පැවැසීය.

“කොළඹ සිට ලොරියෙන් හම්බන්තොට දක්වා සිමෙන්ති රැගෙන යනවා. මම තරමක වේගයෙන් එන විට දරුවා එක්වරම පාර හරහා පැනලා. මම ආපු මංතීරුව මැදට ඇවිල්ලා නැවතුණා. දරුවා පනිනවාත් සමඟම හැකි වෙර යොදා තිරිංග තද කළා.

රථයේ වේගය කිලෝමීටර් 5 දක්වා අඩු වුණා. බේරගන්න කොපමණ උත්සාහ කළත් දරුවා ලොරියේ ගැටුණා.

රියැදුරා අත්අඩංගුවට ගෙන ඊයේ (05දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලසන්ත දඩල්ලගේ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කෞශල්‍ය නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් ලලිත් (36350), සංජීව (89340) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

දික්වැල්ල – සිරි ලන්දගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.