gossip_bulletin

කල්පිටියේ ලස්සන නැතිවෙන හැඩයි

reef

ලංකාව වටා ඇති වෙරළේ පිහිටි කොරල්පර Reef ඉතා ශිඝ‍්‍රයෙන් විනාශ වෙමින් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ නව පර්යේෂණයකින් අනාවරණය වි තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා හා භූ ගර්බ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අමරසුරිය පිටවල මහතා පැවසුවේ කල්පිටියේ පිහිටි කොරල්පරවලට වැඩි හානියක් සිදුව ඇති බවයි.

කොරල්පර හෙවත් ගල් මල් ලෙස හදුන්වන මුහුදු ජිවින් පරිසර විද්‍යාත්මකව ඉතා වැදගත් වනවා. සමස්ත මුහුදු ප‍්‍රමාණයෙන් අද කොරල්පර පවතින්නේ 0.01% වැනි ඉතා සුළු වපසරියක පමණයි. එහෙත් එම කුඩා පරිසරය තුළ මුහුදු ජිවින්ගේ 25% ක් ජිවත්වෙනවා. මුහුදු ජිවින්ට වාසස්ථාන සපයන අතර කොරල්පර නිසා වෙරළ ඛාදනය අවම වෙනවා. එමෙන්ම හුණුගල් නිෂ්පාදනයට හා සිමෙන්ති නිෂ්පාදනයට ආර්ථික වශයෙන්ද කොරල්පර ඉතා වැදගත්. එහෙත් ගෝලිය උණුසුම ඉහළ යාම සහ වෙරළ කලාපයේ සිදුවන අනවසර ක‍්‍රියාවන් හේතුවෙන් මේ සුන්දර පරිසරය ශිඝ‍්‍රයෙන් විනාශ වෙමින් පවතිනවා.

එය සංචාරක කර්මාන්තයටද ඉදිරියේදි දැඩි තර්ජනයක් වියහැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය හදුනාගෙන තිබෙන්නේ. කොරල්පර විනාශය වලක්වා ගැනිම සඳහා ජනතාව දැනුවත් කිරීමට අමතරව නීති දැඩි කිරීමටද රජය පියවර ගෙන තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top