Gossip

ප්‍රේමයෙන් පරාජය වූ නිසා කිසිම කෙනෙක් සමුනොගත් ආකාරයකට තරුණයෙක් සමුගනී

ප්‍රේමය නිසා තරුණියන්ගේ ජීවිතවලට වඩා තරුණයන්ගේ ජිවිත නැති වෙලා තියෙනවා. ඒක තරුණයන්ගේ මෝඩකමද වේදනාවක් දරාගැනීමට ඇති නොහැකියාවද එහෙමත් නැත්නම් ආදරය හැමදේම කරගත්ත නිසාද කියන්න අපට බැහැ. ඒ නිසා මේකට උත්තර හොයන්න ඒතරම් ලේසි නැහැ.

මොනා වුණත් කිසිම හේතුවක් මත තමන්ගේ ජිවිතේ නැති කරගන්න එක අපි අනුමත කරන්නේ නැහැ.

ගම්පොළ පුස්සැල්ලාව නිව් මෙල්ෆට් වතු යායේ පදිංචිව සිටි 22 හැවිරිදි සිවලිංගම් දිව්‍යරාජන් නමැති තරුණයා බෙල්ලේ වැලදාගෙන සියදිවි හානිකරගෙන.

තමන්ගේ ජීවිතය නැති කරගන්න ඔහු තීරණය කරලා තියෙන්නේ තමන්ගේ ප්‍රේමයට කෙල්ල පිටුපාපු නිසා.

මේ වේදනාව දරාගන්න තරම් හිතේ හයියක් නැති නිසාද කොහෙද මොහු ගී අසමින් ගෙල වැලලාගෙන මිය ගිහින්.

ඒ අවස්ථාවේ මව, පියා හා අනෙකුත් සහෝදරයන් ඥාති නිවෙසකට ගිහින් ඉඳලා. ඉතින් තනිව නිවෙසේ සිටි ඔහු මේ වැඩේ කරගෙන.

පසුදා උදෑසන පියා ඇතුළු පිරිස නිවෙසට පැමිණෙන විට මේ තරුණයා සාරියකින් නිවෙසේ වහලේ ලීයක එල්ලී මියගොස් සිටියදී සොයාගෙන ඇත.

මොහු සතු ගී එකතුවක් වාදනය වෙමින් තිබී ඇති අතර රාත්‍රියේදී එම ගී අසමින්ම ගෙල වැලලාගෙන ඇති බව අනාවරණය වේ.

ගම්පොළ – මාධව බණ්ඩාර, පුස්සැල්ලාව – නිමල් කරුණාතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.