Gossip

සංගීතයක් බලන්න තරුණයෙකුට අසහනකාරී හැඟීමක් ඇති වෙලා

music

සැණකෙළියකදී තෙරපෙන අතරතුර විවාහක කාන්තාවකගේ පසුපස ප්‍රදේශය මිරිකා ඒ ගැන ප්‍රශ්න කිරීම නිසා ඇයගේ සැමියාට පහරදී ඇති වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයකු මේ මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (3දා) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කළේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයකු බව කියන හාලිඇල උඩුවර පදිංචි තරුණයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක් වූ බදුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් රත්නායක (41842) මහතා බදුල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සැණකෙළියකදී තෙරපෙන අතරතුර මෙම පුද්ගලයා විවාහක කාන්තාවකගේ පසුපස ප්‍රදේශය මිරිකා ඇති බවයි. ඒ පිළිබඳ ඇය විසින් සැමියාට දැනුම් දීමෙන් පසු සැමියා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති බවත් අධිකරණයේදී කියා සිටි පොලිස් සැරයන්වරයා මේ අවස්ථාවේදී සිදුවී ඇති බහින්බස්වීමකින් පසුව සැකකරු කාන්තාවගේ සැමියාට පහරදී ඇති බවත් පහරකෑමට ලක්වූ පුද්ගලයා බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ප්‍රකාශ කළේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේමින්ද දයාවංශ සහ නෙළුම් ගමගේ යන මහත්ම මහත්මීන් ප්‍රකාශ කළේ පොලිසිය ප්‍රකාශ කරන ආකාරයේ කාන්තා හිංසනයක් සිදුවී නොමැති බවත් කිසියම් බහින්බස් වීමකදී සිද්ධියක් ඇතිවී තිබෙන බවත් සැකකරු වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයකු බවත් සුදුසු ඇපයක් මත සැකකරු මුදාහරින ලෙසත්ය.

කරුණු සලකා බැලූ බදුල්ල මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර සැකකරු (14දා) දක්වා රිමාන්ඩ් ගත කිරීමට නියෝග කළාය.

හාලිඇල – පියල් කිත්සිරි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.