gossip_bulletin

කෝවිල් උත්සවයේ හනුමාට සිටි දරුවා ගසින් වැටී අත්වෙච්ච ඛේදනීය ඉරණම

child deth

පස්‌සර කනවැරැල්ල වතු යායේ කෝවිලක්‌ අසල දෙවියන් උදෙසා දල්වා තිබූ කපුරු පෙති ගින්නකට ගසකින් ඇද වැටුනු ද්‍රවිඩ ජාතික පාසල් ශිෂ්‍යයකු ශරීරයට ගිනි ඇවිළීමෙන් මියගොස්‌ ඇත. මෙම ශෝකජනක මරණයට ගොදුරු වී ඇත්තේ කනවැරැල්ල තේවතු යායේ පදිංචිව සිටි විශ්වරාජා ප්‍රභූ දේවා නමැත්තෙකි.

මෙම ළමයා බරපතළ ලෙස ගින්නෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළු කොට ප්‍රතිකාර ලබද්දී මියගොස්‌ තිබේ. බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය විඡේවීර මහතා විසින් පස්‌චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලද අතර පස්‌සර පොලිසිය විසින් සාක්‍ෂි මෙහෙයවන ලදී.

මෙම අවාසනාවන්ත මරණයට ගොදුරු වූ දරුවා එම වතුයායේ පිහිටුවා ඇති ගණදෙවි කෝවිලේ වාර්ෂික උත්සවයට හනුමාගේ චරිතය රඟ දැක්‌වීමට ගසකට නැග හනුමා ලෙස රඟපා ගසෙන් පොළවට පැනීමේදී ගස මුල ඇවිළී තිබූ ගින්නට හසුව ශරීරයට ගිනි ගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය විය. මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පස්‌සර පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.