Gossip

2017 උදාව ජීවිත 39ක් බිලගත්තේ මෙහෙමයි

ISIS Attack

නව වසර උදාව හැමකෙනෙක් සතුටෙන් සැමරීමට බලාගෙන හිටියා.

ඒ විදිහට තුර්කියේ ඉස්තාන්බුල් නුවර රාත්‍රි සමාජ ශාලාවකත් ගොඩක් බලාපොරොත්තු එක්ක තරුණ තරුණියන් වගේම වැඩිහිටි පිරිස් ද එකතුවෙලා හිටියා.

2016 වසරේ ඉතිරි විනාඩි වගේම තත්ත්පර ගණන ගණන් කරමින් ඉන්න අතරතුර කවුරුත් නොහිතපු විදිහට නත්තල් සීයා කෙනෙක් මේ රාත්‍රි සමාජ ශාලාවට ගොඩවෙලා තියෙනවා.

ඒ තෑගිභෝග දෙන්න නම් නෙවෙයි. එයා ඇවිත් තියෙන්නේ එතන හිටිපු අයගේ සතුට, ජීවිතය සොරාගන්න.

නත්තල් සීයා විදිහට ආ මේ පුද්ගලයා ආවේ AK-47 වර්ගයේ තුවක්කුවක් ද අතැතිවයි.

ඒ අවස්ථාවේ මේ පුද්ගලයා විසින් එක දිගට වෙඩි වරුසාවක් තියලා තියෙනවා.

මේ වෙඩි වැදීමට ගොදුරු වුන පුද්ගලයින් 39දෙනෙක් ජීවිතය හැරදා ගියා.

කොහොමවුනත් මේ වන විට වාර්තා වන අන්දමට ISIS සංවිධානයට සම්බන්ධ සාමාජිකයෙක් විසින් මේ වෙඩි තැබීම සිදුකරලා කියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top