Paper Gossip

බිරිඳගේ නංගිව අවුරුදු 15ක් තිස්සේ බිරිඳ කරගත්තු පුද්ගලයෙකු ලොකුම කැතවැඩක් කරලා

romance

බිරියගේ නැගෙණිය සමග වසර පහළොවක් තිස්සේ අඹු සැමියන් ලෙසට හැසුරුණු අයකු ඇය (නෑණන්ඩිය) වෙනත් අයෙකු සමග රහස් සබදතාවක් පවත්වන බවට ලැබුණු තොරතුරක් අනුව කලබලයට පත්ව ඇයගේ නිවෙස හා දේපළ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් යටවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම ගිනි තැබීමෙන් රුපියල් ලක්ෂ 20ක පමණ දේපොළ විනාශයක් සිදුව ඇති බව යටවත්ත පොලීසිය පවසයි.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිරුවකු වන සැකකරු බිරියගේ නැගෙණිය අඹුකමට ගෙන සුඛෝපභෝගගී නිවෙසක් තනාදී ඇත. නිවෙසට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී රිසිසේ බිරියගේ නැගෙණිය අඹුකමට ගෙන ඇත. ඇය සොයා පැමිණි ඔහුට ඇය වෙනත් අයකු සමග කතරගම වන්දනාවේ ගිය බව දැන ගැනීමට ලැබී ඇත.

වසර 15ක් තිස්සේ අඹුකමේ සිටි ඇය වෙනත් අයෙකු හා කතරගම යෑම පිළිබද උරණවූ ඔහු බිරියගේ නැගෙණියගේ නිවසට ගිනි තබා ඇත. නිවෙස මුළුමනින්ම දැවී විනාශ වී ඇති අතර, යටවත්ත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර බිරියගේ නැගෙණිය හා එක ගෙයි කෑ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පොලීසිය නොමග යැවීමට කටයුතු කළත් විමර්ශන නිලධාරීන් ඉදිරියේ පෙම් පලහිලව්ව හා නිවෙසට ගිනි තැබීම පිළිබද තොරතුරු අනාවරණය කිරීමට සිදුව ඇත.

සැකකරු මාතලේ අතිරේක දිසා විනිසුරු / මහේස්ත්‍රාත් එස්.බී.එච්.එම්. සේසිරි හේරත් මහතා හමුව පමුණුවන ලදුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

 

මාතලේ – හේවා පී කරුණාරත්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top