Political

2017 ගැන ජනපති කිව්ව විශේෂ කතාවක්

maithree

එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල මෙවර ශ‍්‍රි ලංකාවේ පැවැත්වෙන නිසා 2017 නව වසර ශ‍්‍රි ලංකාවාසි ජනතාවට ඉතා වැදගත් වසරක් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිතුමා එසේ පැවසුවේ නුගේගොඩ පාගොඩ ශ‍්‍රි විද්‍යා විජයාරාමයේ පැවති උත්සවයකට සහභාගි වෙමින්.

ශ‍්‍රි ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර දවුල්දෙන ඥානිස්සර නාහිමියන්ගේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පැතීම වෙනුවෙන් පුණ්‍යොත්සවයක් අද සංවිධානය කර තිබුණා.

නුගේගොඩ පාගොඩ ශ‍්‍රි විද්‍යා විජයාරාමයේ මේ වෙනුවෙන් පුණ්‍යෝත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කළේ ජනාධිපතිතුමා විසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.