Gossip

පිටුපස පාදවලින් සිටගත් විට අඩි හත හමාරක් උස ලෝකයේ ලොකුම සුනඛයාගේ ලෝක වාර්තාව

ලෝකයේ ලොකුම සුනඛයාට හිමි ගිනස් ලෝක වාර්තාව නිල වශයෙන් සටහන් වුණේ ෆ්‍රෙඞී නමැති මේ යෝධයාගේ නම ඉදිරියෙන්.

ගේ‍්‍රට් ඬේන් වර්ගයට අයත් ෆ්‍රෙඞී, පිටුපස පාදවලින් සිටගත් විට අඩි හත හමාරක් උස යි.
ඉතින් මේ වාර්තාව නිසා ෆ්‍රෙඞීගේ හිමිකාරිය සිටින්නේ හරිම ආඩම්බරයෙන්.

ෆ්‍රෙඞීගේ වයස අවුරුදු හතරක්.

බර රාත්තල් දාහතරක් විතර.

ෆ්‍රෙඞී නිතරම ඉන්නේ තමන්ගේ සහෝදරියත් සමගයි.

අවුරුද්දකට මේ දෙන්නාගේ කෑම බීම වෙනුවෙන් අයිතිකාරිය පවුම් දස දහසක් විතර වියදම් කරනවා.

ෆ්‍රෙඞී ගත කරන්නේ හරිම සුඛෝපභෝගී ජීවිතයක්.

එක වතාවක් පුළුන් සෝෆාවක්ම කා දමා තිබුණත් අයිතිකාරියගෙන් ඌට කිසිම දඬුවමක් ලැබුණේ නෑ.

ඉතින් දැන් ෆ්‍රෙඞී ගිනස් පොතට යාම ගැන ඇය ඉන්නේ ෆ්‍රෙඞීගේ උසටම ආඩම්බරයෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.