Gossip

LBW ඉතිහාසයේ ප්‍රදීප්ගේ නමත් ලියැවෙයි

ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රිකට් නීති සම්පාදනය කරන ලද්දේ 1744 වසරේ වුවද කඩුල්ල මුවා කිරීමේ වරදට (ඹ්ඕඑ) හසුවී පිතිකරුවකු දැවී යන නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් නීති පොතට ඇතුළත් කරන ලද්දේ 1774 වර්ෂයේදීය. එයට හේතුව ලෙස සඳහන් වන්නේ 1774න් පෙර වසර 30ක පමණ කාලය තුළ ලකුණු රැස් කිරීම සඳහා යොදාගත් පිති කවාකාර හැඩයක් ගත් බැවින් පිතිකරුවා කඩුල්ල ඉදිරියේම සිටගෙන ලකුණු රැස්කර යුතු නැතැයි විශ්වාසයක් තිබූ බැවින් එකී (ඹ්ඕඑ) නීතිය ක්‍රියාත්මක නොකළ බවයි.

කෙසේ වෙතත් 1774 සිට මේ දක්වා පැවැති ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වංස කතාවේ දස දහස් (10,000) වැනි කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම සටහන් වූයේ පසුගිය බදාදා (28දා) දකුණු අප්‍රිකාවේ සාන්ත ජෝර්ජ්ස් පාක් ක්‍රීඩාංගණයේදීය. එනම් එදින ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු රැස් කරමින් සිටියදී 51 වැනි පන්දුවාරය යැවූ නුවත් ප්‍රදීප්ගේ අවසන් පන්දුවට හෂීම් අම්ලා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑම එම විශේෂිත සටහනයි. ඒ අනුව ලකුණු 48ක් ලබා සිටි අම්ලා දවාගත්

ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් ප්‍රදීප් 10,000 වැනි කඩුල්ල මුවා කිරීමේ නීතියෙන් ලත් (ඹ්ඕඑ) කඩුල්ලේ හිමිකරුවා විය.

උපුටා ගැනීම මව්බිම පුවත් පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.