Gossip

අනතුරකට ලක්වුන අලි පැටියෙක්ව අතහැර දැමූ මෙහෙමත් වනජීවී කාර්යාලයක්

elephant-accidnet

යාපනයේ ඉදලා කොළඹ වෙනකන් අධික වේගයෙන් ධාවනය වුන ලොරියක ගැටීමෙන් පාර මාරු වෙමින් හිටපු කුඩා අලි පැටියෙක් පහුගිය 19 වැනිදා බරපතල විදිහට තුවාල ලැබුවා.

මේ සම්බන්ධයෙන් පුවත්පත් ප්‍රවෘත්ති පල වුණා.

වයස අවුරුද්දක් පමණ වන මේ අලි පැටියා කොකාවිල් ප්‍රදේශයේ අලිමංකඩදී රැළිත් එක්ක පාර මාරු වෙමින් ඉන්න කොට තමයි මේ විදිහට අනතුරට ලක්වෙලා තියෙන්නේ.

ඉතිං මේ අලි පැටියගේ ජීවිතය බෙරගන්න කොකාවිල් ඉදලා කිලිනොච්චියට ගෙනාපු වනජීවී නිලධාරීන් කිව්වේ මෙයාව බේර ගන්න තියෙන ඉඩකඩ ඉතාමත් අල්පයිලු.

මේ විදිහට කියපු නිසා මේ අලි පැටියට මේ වෙන කොට කිසිම ප්‍රතිකාරයක් කෙරෙන්නේ නැහැ කියලයි Gossip King අපිට තොරතුරු අනාවරණය වුණේ.

පහුගිය 19 වැනිදා අනතුරට ලක්වුන මේ අහිසංක අලි පැටියා මේ වෙන කොට අත්වෙලා තියෙන්නේ ඉතාමත් ශෝචනීය තත්ත්වයක්.

ඒකට හේතුව මෙයාට ප්‍රතිකාර නොකිරීමයි.

අලින් නිවෙස් වල වතුවල එක එක ලොකු තානාන්තර දරණ අය ළග තියාගෙන ඉන්නකොට ඒවා ගැන හොයාගැනීමට කටයුතු කළා වගේ, මේ විදිහට වනජීවි කාර්යාල වලට ගේන අලීන්ට වෙන දේවලුත් හොයාබලන්න කියලයි අපි ඉල්ලන්නේ.

 

01 02 03 04

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top