Paper Gossip

පොලිස් නිලධාරිනියගේ ව්‍යාජ ආදරයට හසුවුන සැකකරුවෙක්ට සිද්දවෙච්ච දේ

police love

වසර දෙකකට අධික කාලයක් උසාවිය මගහැර සිටි වරෙන්තුකරුවකු පොලිස් නිලධාරිනියක් උපාය දූතයකු ලෙස යොදා පෙරේදා (26දා) දහවල් මතුගම පොලීසිය Mathugama Police මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෑලඹ, අගලවත්ත ලිපිනයේ පදිංචි තුප්පහිගේ කමල් චන්ද්‍රරත්න (54) නමැති අයයි.

මුදල් වංචා කිරීමේ 02කට අදාළව සැකකරුට එරෙහිව මතුගම පොලීසියේ නඩු 02ක් විභාග වන බවත් එම නඩු දෙකට අදාළව සැකකරු ඇප ලබා සිටියදී උසාවිය මගහැර සිටි බවත් මතුගම පොලීසිය කියයි.

මතුගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ඩී.කේ රුද්‍රිගු මහතා සැකකරුගේ දුරකථන අංකය සොයාගෙන කාන්තා පොලිස් නිලධාරිනියක් ලවා සැකකරුට කතා කරවා උපක්‍රමශීලීව ව්‍යාජ ආදර සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට සලස්වා ඇත. මාස කිහිපයක් තිස්සේ දෙදෙනා අතර දුරකථනයෙන් කතා කිරීමට සලස්වා පෙරේදා (26දා) දහවල් සිනමා පටයක් නැරඹීමට යෑම සදහා සැලසුමක් සකස් කර කළුතර නගරයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (27දා) මතුගම මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මතුගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂඛ ජී.කේ.ඩී රුද්‍රිගු, කාන්තා උප පොලිස් පරීක්ෂඛ රණතුංග, කාන්තා පොලිස් කොස්තාපල් වංසක්කාර (6227), පොලිස් කොස්තාපල් ඒකනායක (31060) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වතී.

බළපිටිය – දම්සරි ලියනගේ

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.