Gossip

ඉන්දියාවේ රොකට්ටුවක් නිසා ලංකාවේ ගුවන් ගමන්වලට නොසිතු දෙයක් සිදුවෙයි

ඉන්දියාව “අග්නි 05” නමැති රොකට්ටුවක් අත්හදා බැලීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් කලාපයේ නැඟෙනහිර…

සීමාවේ ගුවන් ගමන් හැසිරවීම පැය හතරක පමණ කාලයක් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් වාර පහක් ඊයේ (26දා) ප්‍රමාද කිරීමට සිදු වී තිබේ.

මෙරට සිට ඉන්දියාව බලා ඊයේ (26දා) පෙරවරුවේ යෑමට නියමිතව තිබූ ගුවන් වාර තුනක් සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට තිබූ ගුවන් වාර දෙකක් මෙලෙස ප්‍රමාද කර ගුවන් ගත කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් “මව්බිම” කළ විමසුමකදී පැවැසීය. ඉන්දියාවෙන් සිදු කරන ලද දැනුම් දීමකට අනුව ඊයේ (26දා) පෙරවරු 8.30 සිට මධ්‍යහ්න 12.30 වන තුරු මෙරට ගුවන් කලාපයේ නැඟෙනහිර සීමාවේ ගුවන් ගමන් ඒ අනුව සිදු නොවූ බවද කටුනායක ගුවන් තොටුපොළ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව වෙනත් ගුවන් සමාගම්වල ගුවන් වාර තුනක් පමණ ප්‍රමාද වී සිදු වූ බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයා කියා සිටියේය.

මධ්‍යහ්න 12.30ට පසු සුපුරුදු පරිදි ගුවන් වාර යළි ආරම්භ කළ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

චාමර අමරසූරිය
මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.