gossip_bulletin

මව්කිරි ප්‍රශ්නයකට වියරු වැටුනු සැමියෙකු බිරිඳට කළ අපරාධයක්

murder

පවුල් ආරවුලක් දුරදිග ගිහින් අද උදේ 9.30ට විතර කිඹුලාපිටිය ජම්බුගහගොඩැල්ල ප්‍රදේශයේදි සැමියෙක් තමන්ගේ බිරිදව ඝාතනය කරලා.

බිරිදත් එක්ක රණ්ඩුවෙලා, කොන්ක්‍රිට් පිරවූ ප්ලාස්ටික් බටයෙන් ගහපු නිසා තමයි බිරිද ජීවිතයෙන් සමුගත්තේ.

මේ අවාසනාවන්ත ඉරණමට ලක්වුනේ තුෂාරිකා සංජීවනී ප්‍රනාන්දු නමැති 26 හැවිරිදි එක්දරු මවක්.

බිරිද මාස 4ක පුතාට මව්කිරි දෙන්නේ නැහැ කියලා සැමියා බිරිද එක්ක රණ්ඩුවෙලා.

බිරිදටත් නිතරම කේන්ති යන නිසා දෙන්නා අතර ආරවුල හොදටම දුරදිග ගිහිල්ලා.

මේ රණ්ඩුව අන්තිමට අවසන් වුනේ සැමියාගේ පොලු පහරින් බිරිදගේ ජීවිතය අහිමි වුණාට පස්සේ.

මියගිය කාන්තාව කාලෙක ඉදන් මානසික රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගන්නවා.

ඇය මීට දවස් 6කට ඉස්සරත් ප්‍රතිකාර අරගෙන තමයි රෝහලෙන් ගෙදර ඇවිත් තියෙන්නේ.

ඉක්මන් කෝපය නිසා තමන්ගේ බිරිද ඝාතනය කරපු මේ සැමියා අද උදේ කටාන පොලීසියට භාර වුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top