gossip_bulletin

දැරියට මරු කැඳවූ අනතුර ගැන රියදුරා කියූ පට්ටපල් බොරුව

car-accident

අධික වේගයෙන් ධාවනය වුනු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලයිට් කණුවක හැප්පිලා පෙරලුනේ අද පාන්දර 3.45ට විතර.

අනුරාධපුර – මහනුවර මාර්ගයේ නෙළුම්කුලම ප්‍රදේශයේදි මේ අනතුර සිද්ධවෙලා තිබුණා.

මේ අවාසනාවන්ත සිද්ධියෙන් අවුරුදු 8ක දුවෙකුට ජීවිතය අහිමි වුණා.

කාන්තාවන් 4දෙනෙකු ඇතුළු 6දෙනෙක් ප්‍රතිකාර සදහා මහනුවර රෝහලට ඇතුළු කරලා.

මියගිය කුඩා දැරියගේ මවත් පෙරළුනු වෑන් රථයට යටවෙලා.

JCB යන්ත්‍රයක ආධාරයෙන් වෑන් රථය ඔසවෙලා එයාව ඉවතට ගන්න ගමේ අය ගොඩක් මහන්සි වුණා.

ඇය අනුරාධපුර රෝහලේ බරපතල තත්ත්වයේ ප්‍රතිකාර ලබනවා කියලයි වාර්තා වෙන්නේ.

වෑන් රථයේ රියදුරාගේ අධික වේගය මේ අනතුරට මුල්වෙලා.

එයා පොලීසියට නම් කියලා තියෙන්නේ හිටිහැටියේ වෑන් රථයේ රෝදයක තිරිංග තද වුන නිසා ඒක පාලනය කරගන්න බැරි වුණා කියලයි.

හැබැයි පොලීසිය කියන්නේ එහෙම තිරිංග තදවීමක් වුණා නම් ටයර් සළකුණු මාර්ගයේ තිබිය යුතු වුනත් එවැන්නක් පේන්න නැහැ කියලයි.

කොහොමවුනත් වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගත්තු අනුරාධපුර පොලීසිය එයාව අද දවල් උසාවියට ඉදිරිපත් කරන්න සූදානමින් හිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.