Gossip

මෙන්න බොලේ මහේල ඉතිහාසයේම නොකළ දෙයක් කරලා

Mahela Jayawardene

නවසීලන්තයේ මේ දවස්වල් තියෙන සුපර් ස්මෑෂ් ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙලා ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන  Mahela Jayawardene පළවැනි වතාවට පන්දුවාර විස්සයි විස්ස තරගයකදී පන්දු යවලා තියෙනවා.

ඒ නොදර්න් කණ්ඩායම එක්ක ඊයේ (23) තිබ්බ තරගයකදීයි.

සෙන්ට්‍රල් කණ්ඩායම නියෝජනය කරන මහේල ජයවර්ධන එ් තරගයේදී එක් පන්දුවාරයක් විතරයි යවලා තියෙන්නේ.

ඒ පන්දුවාරයේදි ලකුණු 15ක් නොදර්න් කණ්ඩායම රැස්කර ගෙන තියෙනවා.

මහේල තරගයේදි පිත්තෙන්ද දස්කම් දක්වලා පන්දු 36කදී ලකුණු 64ක් වාර්තා කළා.

ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වෙනවා.

කොහොම වුනත් මේ තරගයේදී මහේල නියෝජනය කරපු  කණ්ඩායම ලකුණු 10කින් පරාජයට පත්වුණා.

මහේල පන්දු යවපු හැටි පහත වීඩියෝවෙන් බලන්න…

 

 Northern Districts v Central Districts

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.