Gossip

ට්‍රම්ප්ගේ දුවට ප්ලේන් එකේ සද්ද දැමූ තරුණයාට හමුදාව කරපු දේ

Ivanka Trump

ඇමෙරිකානු නව ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වුනු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමල් දියණිය ඉවන්කාට Ivanka Trump පහුගිය දවසක ලොකු කරදයක් සිද්ධ වුණා.

ඒ තමයි ඉවන්කා නිව්යොර්ක් නුවර සිට හවායි දූපතට ගුවන් යානයකින් පියාසර කරන්නට යෑමේදි.

ඇය වසර අවසාන නිවාඩුව සමරන්නට ගුවන් යානයකින් ගමන් ගන්නට සූදානම්ව සිටින විට ඇය ළග සිටි මගියෙකු ඇයව දැඩි දෝෂ දර්ශනයට ලක්කිරීම නිසා ගුවන් යානය තුළ කළබලයක් හටගෙන තියෙනවා.

සැමියා හා දරු තිදෙනා සමග ඉවන්කා ඇමරිකාවේ අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන ජෙට් බ්ලූ සමාගමේ යානයක සාමාන්‍ය පන්තියේ ටිකට් පත් රැගෙන යන්නට යානයට ගොඩවූ විට ජනාධිපති දියණිය දැක මගියා පුදුමයට පත්ව ඇයට මුලින්ම කථා කර තියෙනවා.

‘ඔයා ඇමරිකාවේ ජනාධිපතිගෙ දුව නේද..මොකටද සාමාන්‍ය පන්තියේ ගමන් කරන්නේ.. ‘ යයි අසමින් සුහදව කථාව ඇරඹූ ඔහු පසුව ට්‍රම්ප්ව දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ඇයට බැණවැදී තියෙනවා.

‘ඩොනල්ඩ් ට්‍රම්ප් ආවම අමෙරිකාව විනාශ වේවි. ඔය ගොල්ලො අපට රටක් ඉතුරු කරන එකක් නෑ..රුසියාව හොර ඡන්දත් අරන් දුන්නා නේද..’ ආදී ලෙස දිගින් දිගටම කෑගසමින් බැණවැදී තියෙනවා.

ඒ අවස්ථාවේ ගුවන් යානා කාර්ය මණ්ඩලය මේ පුද්ගලයාගේ ස්ථානය වෙනස් කර ඉවත් කිරීමට කටයුතු යොදලා. එහෙත් ඉන් නොවැතුන නිසා ආරක්ෂක අංශ මේ පුද්ගලයාව වහාම ගුවන් යානයෙන් පිටතට රැගෙන ගිහිල්ලා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝවයි මේ….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.