Paper Gossip

ජනපති ආරක්ෂක අංශ රියැදුරු ඝාතනය සොයන්න CCTV සහාය

police

ජනාධිපති ආරක්ෂක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ නිල රියදුරු පොලිස් සැරයන් ටී.ජී. විජේනායක (1786) මහතාගේ ඝාතන සිද්ධිය සෙවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොළොන්නරුව නව නගරයේ CCTV පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.

පොළොන්නරුව නව නගරයේ පිහිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල නිවෙසේදී මේ සැරයන්වරයා කපා කොටා ඝාතනය කර තිබියදී ඉකුත් 16 වැනිදා පස්වරුවේ හමුවිය.

මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු පොළොන්නරුව පොලීසිය මගගින් සිදුකළ අතර පසුව පොලිස්පතිවරයාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු ප්‍රමුඛ කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සදහා කොළඹ සිට පොළොන්නරුවට පිටත්ව ගොස් ඇත.

ඝාතන සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් ඇතුළු දස දෙනකුගෙන් පමණ පොලිස් විමර්ශන නිලධාරීන් ඊයේ (19දා) පස්වරු වන විට ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

පොලිස් සැරයන්වරයා අදාළ නිල නිවෙසට පැමිණි යතුරුපැදිය ද මින්නේරිය වැවේ දමා ගොස් තිබියදී පොළොන්නරුව පොලීසිය මගින් සොයාගත් අතර එම ප්‍රදේශයේ CCTV කැමරා පද්ධති විමර්ශන කණ්ඩායම් විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොළොන්නරුව පොලීසිය මගින් මේ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවනු ලැබිණි.

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.