Gossip

පුටින්ගේ බැල්ලි මාධ්‍යට බුරයි

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීමට ජපන් මාධ්‍යවේදීන් ගිය අවස්ථාවේ පුටින්ගේ සුනඛයා ඔවුන්ට බුරා වැටෙන්නට පටන් ගත්තා.

ජපානයේ නිපෝන් ටීවී සහ පුවත්පතක මාධවේදීන් පුටින් හමුවිමට ගොස් සිටියදී මේ අකරතැබ්බය සිදුවුණා.

මාධ්‍යවේදීන් මේ සිදුවීම සිනාමුසු මුහුණින් බාරගන්නට බලා සිටි නමුත් සුනඛයා අකිතා, එය සුළුවෙන් භාරගන්නට ලැහැස්ති බවක් පෙනුණේ නැහැ.

පුටින් සිය කබා සාක්කුවලට අත දමමින් සුනඛ කෑම වරින් වර ඇයට ලබාදෙමින් ඇය ව සන්සුන් කරන්නට උත්සාහ කළා.

මෙය සිදුවුණේ පුටින් ජපානයට ගොස් ජපන් නායක ෂින්සො ඒබේ මුණගැසීමට සැලසුම් කරගෙන සිටින අවස්ථාවකයි.

පසුව ඔහු කියා සිටියේ අකිතා මුර බැල්ලක නිසා කැමරා ලයිට් යනාදියෙන් ඇය කලබලයට පත්වීම ස්වභාවික බවයි.

ස්පුට්නික් පුවත්සේවයට අනුව පුටින් සුනඛයන්ට මහත් ලැදිකමක් දක්වන අයෙක්. කෙසේ නමුත් ඔහු රාජ්‍ය නායක හමුවලදී ද තම සුනඛයන්ව ඔවුන් ඉදිරියට ගෙන එනවා.

2007 වසරේදී ද පුටින් මෙවැනිම දෙයක් කළා.

එනම්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සමග සොචී නගරයේ පැවති සාකච්ඡාවක් අතරතුර ඔහු කළු ලැබ්රඩෝර් වර්ගයේ සුනඛයා කොනී ඒ කාමරය වෙත ගෙන ආවේ මර්කෙල් ව දරුණු අපහසුතාවයකට පත් කරමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.