Technology

iPhone තියෙන අයට Super Mario

mario

Mario ක්‍රීඩාවේ රසික ජනතාව වැඩිවීමත් සමග Nintendo සමාගම විසින් නවතම Super Mario Run ක්‍රීඩාව හදුන්වා දී ඇත.

දෙසැම්බර් 15 වන දා සිට විවිධ රටවල් සහ ප්‍රාන්ත 151 ක iPhone සහ iPad උපාංග මගින් Super Mario ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වී ඇත. ක්‍රීඩාව අත්හදාබැලීම සඳහා නොමිලේ ආදර්ශකයක් (demo) ලබාදී ඇති අතර මෙම සම්පුර්ණ ක්‍රීඩා මෘදුකාංගය $ 9.99 කට ලබාගත හැක.

ජංගම දුරකථන ක්‍රීඩා සඳහා එය බොහෝ මිල අධික ලෙස දැනුනද, වෙනත් ජංගම දුරකථන game මිලදිගැනිමෙන් පසුව නැවත අයකිරීම් සිදුවන අතර මෙහි එවැන්නක් නොමැති බව ඔවුන් කියා සිටියි. එනම් $ 10 කට මෙය මිල දී ගත් පසුව අපට සම්පුර්ණ game මෘදුකාංගයම ලබාගත හැක.

මෙම මෘදුකාංගය දුරකතනයට ඇතුලත් කිරීමෙන් පසුව දුරකතනයේ screan එක මත වරක් tap කල විට ක්‍රීඩාව ආරම්භ වී සතුරන් වළක්වමින් Super Mario දිවීම ආරම්භ කරන අතර කාසි එකතුකරගනිමින් මෙය ඉදිරියටම ගොස් ක්‍රීඩාව අවසන් කල හැකිය. මෙහිදී ඔබට තෝරාගැනීමට Super Mario ක්‍රීඩාවේ Modes 3ක් ඇත. එනම් World Tour, Toad Rally සහ Kingdom Builder වේ.

පළමු අදියරේදී ක්‍රීඩකයන් විවිධ වූ ලෝකවල Lock එක ඉවත් කරගත යුතු වන අතර ඉන්පසුව දවැනි අදියරේදී අනික් තරග කරුවන්ට විරුද්දව තරගවැදීමට සිදු වේ. තෙවන අදියරේදී මුල් අදියර දෙකෙන් එකතුකරගත් කාසි භාවිතයෙන් තමන්ටම ආවේනික බිම්මල් රාජධානි (Mushroom Kingdoms) සකස් කරගැනීමට ඉඩ සැලසේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.