Gossip

තරුණියකගේ රන් මාලය කැඩූ තරුණයාට නොසිතු කර්මය බලපායි

maala

අද සවස 4.00ට පමණ බණ්ඩාරවෙල ධර්ම විජය මාවතේ වෙළඳසලක් අසලදී තරුණියකගේ ගෙල බැදී රන් දම්වැලක් කඩාගෙන දිව යමින් සිටියදී තරුණියකගේ කෑ ගැසීම ඇසි මාර්ගයේ සේවය කළ බණ්ඩාරවෙල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඔහු ලුහු බැඳ ගොස් තිබෙනවා.

පසුව ඔවුන්ට සහය දක්වා හොරා පසුපස ගිය සපත්තු මසන්නෙකු එක්ව මීටර් 300ක් පමණ දුරක් දිවගොස් සොරා අල්ලා ගැනීමට සමත් විය.

පැහැරගත් රන් මාලයද ඔහු සතු විය. ඔහු එම කාන්තාවගේ රන් දම්වැල සොරා ගැනීමට ප්‍රථම වෙනත් කුඩා දැරියකගේ රන් දම්වැලක් කඩා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී රන් දම්වැල බිම වැටීම නිසා සොයා ගැනීමට නොහැකි විය.

සොරා ඌරු බොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු දැනට හාලිඇල ප්‍රදේශයේ පෙදරේරුවෙකු ලෙස සේවය කරන බව සඳහන්.

බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.