gossip_bulletin

දුව දුව පන්න පන්න වැලිකඩ පොලිසිය කළ විශේෂ වැඩ සෙට් එක

වැලිකඩ පොලිසිය අද පාන්දරම ලොකු මෙහෙයුමක් පටන් ගත්තා. ඒ ප්‍රදේශය පුරා පැතිරිලා තියෙන නීති විරෝධී මත් ජාවාරම්කරුවන් වගේම වරෙන්තු කරුවන් අත්අඩංගුවට ගැනීම අරමුණෙන්.

විශේෂ රාජකාරී බහුල පොලිසියක් නිසා සැක සහිත නීති විරෝධී ස්ථාන වටලන එක වැලිකඩ පොලිසියට ලොකු බාධාවක් වෙලා තිබුණා.

විවිධ උද්ඝෝෂණ, රිය අනතුරු , අධික රථවාහන තදබදය වගේ ගැටළු විසඳන්න වැලිකඩ පොලිසියේ විශාල නිලධාරීන් සංඛ්‍යාවක් යොදවන්න සිද්ධ වෙනවා. ඒ නිසා වෙනත් ජාවාරම්කරුවන් වැටලීමේදී ඇතිවන ගැටළු පැවතුනත් එවැනි වැටලීමක තියෙන අවශ්‍යතාවය පිළිබඳව වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුවයි පොලිසි ගණනාවක නිලධාරීන් 100කට වැඩි ප්‍රමාණයක් සහ පොලිස් නිල සුනඛ අංශයේ ද සහය අරගෙනයි මේ වැටලීම සිද්ධ කළේ.

රාජගිරිය අරුණෝදය පාර, බණ්ඩාරනායක පාර, මාලිඟාව පාර, මාදින්නාගොඩ ආදී ප්‍රදේශ ගණනාවක සැක කටයුතු පුද්ගලයින් සහ නිවාස මේ විදියට පරික්ෂා කළා.

ගංජා මෙන්ම නීති විරෝධී මත්පෙති සහ මත්පැන් ළඟ තබා ගත්තු විශාල පිරිසක් පොලිසියට කොටු වුණා. වැරදිවලට සම්බන්ධ වරෙන්තුකරුවන් පිරිසක් ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

සමහරු පොලිසිය දැකලා පැනලා යන්න උත්සහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ.

අද දවසපුරා ක්‍රියාත්මක වුණු මේ මෙහෙයුමේදී 37දෙනෙක් පොලිසියට කොටු වුණා. ඒ අතරින් හත්දෙනෙක් හෙරොයින් ළඟ තබාගෙන හිටපු අය පස් දෙනෙක් ගාව ගංජා තිබිලා. අත්අඩංගුවට ගත් අය අතරේ වරෙන්තුකරුවන් ඇතුළු සැකකටයුතු පුද්ගලයින් 25 දෙනෙකුත් ඉඳලා. මේ හැමෝම හෙට උසාවි දානවා කියලයි පොලිසිය කියන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.