Gossip

රාජගිරිය කොටි බෝම්බයෙන් ඇස් දෙක නැති වුණු අශ්චර්යා අවුරුදු 16කට පසු ඇස් දෙක ඉල්ලයි

anayana

රාජගිරිය කොටි බෝම්බයෙන් ඇස් දෙක නැති වුණු නයනා අශ්චර්යාව ඔබ දන්නවත් ඇති නොදන්නවත් ඇති. නමුත් අප වගේම ඔබත් අද ඉඳන් ඇය ගැන දැන ගනීවි.

සතිඅන්ත පුවත්පතක තමා ඇය ගැන මේ සියලු විස්තර තිබුණේ..

අවුරුදු 20ක් ලස්සන ජිවිතයක් ගත කළ අශ්චර්යා තමන්ගේම කාර් එකෙන් වැඩ ඇරිලා ගෙදර එන ගමන් තමා මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ. එදා බෝම්බයෙන් ඇගේ ඇස් දෙකම නැතිවෙලා.

ayish

ඔබ දන්නවද අශ්චර්යාගේ ඇස් දෙක නැති වුණාට පස්සේ එයාගේ අම්මා මොකක්ද කිව්වේ කියලා.

“ඇයි උඹ මැරුණේ නැත්තේ” එහෙමයි කියලා තියෙන්නේ. ඊටපස්සේ වෙච්ච දේ ඇය මෙහෙම කියනවා.

” මට යන්න තැනක් නැති වුණා. මගේ පවුලේ අය මං ආදරේ කරපු අය හැමෝම මාව අත්හැරියා.”

“මම ගෙයක් හොයාගත්තේ බොහොම අමාරුවෙන්. ඒකත් ගෙයක උඩ තට්ටුවක කාමරයක්.  කාගෙවත් ආශ්‍රයක්, කටහඬක් නැති කළුවර ලෝකෙක මම අවුරුදු 11ක් තට්ට තනියම ජිවත් වුණා.”

“අද මම fashion designer කෙනෙක් ඒ නිසා මට දුක නෑ මම ජිවිතේ දිනලා.”

හිතේ හයියෙන් ජිවිතය ගත කරන, තනියම නැගිටන, තනියම උයාගෙන කන, හැමදේම තනියම කරන මේ ශක්තිමත් කාන්තාව ආයෙත් පෙනීම ලැබෙයි කියලා විශ්වාස කරනවා.

“අවුරුදු 20ක් මම මාව දැකලා නෑ. ආයේ කවදාහරි මම මාව දකින දවසක මම අන්තිමට දැකපු දවසේ වගේ ඉන්න ඕනේ.”

ප්‍රර්ථනා කරමු අපි ඇයට පෙනීම ලැබෙන්නේ කියලා..

සටහන – අචලා පියරත්න
sundayapple

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.