gossip_bulletin

බොල්ගොඩ ගඟින් හමුවූ රූමත් කාන්තාවගේ මරණය අභිරහසක්

murder

හොදින් ඇද පැළද ගත්තු රූමත් කාන්තාවකගේ මළ සිරුරක් බොල්ගොඩ ගගේ පාවෙමින් තිබියදී අද උදේ පොලීසිය හොයාගත්තා.

පානදුර දුම්රිය ස්ථානය අසළ මෝදර පාලමගාව පාවෙමින් තිබියදී තමයි මේ සිරුර හොයාගත්තේ.

ඇගේ වයස අවුරුදු 35ක් විතර වෙනවා කියලයි පොලීසිය කියන්නේ.

ඇය ඇද සිටි කලිසමේ එක් කකුලක් අඩියක් විතර උඩට නවලා.

ඇය පැළද සිටි පාවහන් යුවළත් කකුල් දෙකේ තිබුණා.

රත්තරං කරාබු දෙකක් දාලා හිටියා.

සිද්ධිය වුන ස්ථානයට ආපු පානදුර හදිසි මරණ පරීක්ෂක නීතිඥ සරත් සූරියාරච්චි මහතා මරණ පරීක්ෂණය සිදුකළා.

මෙ සියදිවි නසා ගැනීමක් ද එහෙමත් නැත්නම් ඝාතනයක් ද කියලා හොයාගන්න පානදුර පොලීසියෙන් පරීක්ෂණ පවත්වනවා.

පානදුර රෝහලේ තැන්පත්කරලා තියෙන මේ කාන්තාව පිළිබදව තොරතුරක් දන්නවා නම් ඉක්මනටම පානදුර පොලීසියට කියන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top