Gossip

චිත්‍රපට ජවනිකාවක වගේ අද පාන්දර ඉන්ධන පිරවුම්හලකට ඇවිත් දීපු සුද්දය

cctv robbery

වෙලාව අද පාන්දර 12.43ට විතර ඇති.

මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා තියෙන ඉන්ධන පිරවුම්හලක් සාමාන්‍ය පරිදි කටයුතු කරමින් තිබුණා.

ඒ වෙලාවේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් ආපු දෙන්නෙක් පිහියක් හා පිස්තෝලයක් පෙන්නලා ඉන්ධන පිරවුම්හල කොල්ලකෑවා.

මේ කොල්ලකරුවෝ ඒ වෙලාවේ ලාච්චුවේ එකතුවෙලා තිබුණු රුපියල් 15,000ක් පැහැරගෙන ගිහින්.

චිත්‍රපටයක ජවනිකාවක් වගේ සිද්දවුන මේ කොල්ලය CCTV කැමරාවක පටිගත වෙලා තිබුණා.

ඒ අතරේ අද පාන්දර දෙකට විතර වේයන්ගොඩ නයිවල තියෙන ඉන්ධන පිරවුම්හලක් කොල්ලකාලා.

නයිවල ඉන්ධන පිරවුම් හලේ රුපියල් 50,000ක මුදලකුත් මේ කොල්ලකරුවෝ පැහැරගෙන ගිහින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.