Gossip

බස් වර්ජනයෙන් ‘ලංගම’ට කෝටි ගානක වාසියක්

පෞද්ගලික බස් රථ වර්ජනය පැවැති දින දෙකේදී ශ්‍රී ලංගම රුපියල් මිලියන 120ක ආදායමක් ලබා ගෙන තිබේ. මෙය ලංගම සාමාන්‍ය දිනක ආදායමට වඩා සියයට 66ක ආදායම් වැඩිවීමක් බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

බස් වර්ජනය පැවැති දිනවල සේවයේ නිරත වූ ලංගම රියැදුරන්ට හා කොන්‍ෙදාස්තරවරුන්ට අවදානම් දීමනා ලබා දෙන ලෙස ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ධාවනයෙන් සාමාන්‍යයෙන් දිනකට රුපියල් මිලියන 72ක ආදායමක් උපයන බවද පසුගිය 3 දින ලැබූ ලාභය සියයට හැට හයක 66 පමණ වැඩිවීමක් බවද ඒ මහතා කීය.

තවද එම වර්ජනයට පසු දින සෙනසුරාදා (4දා) ධාවනයට යෙදවූ බස් රථවලින් රුපියල් මිලියන 99ක ආදායමක් උපයා ගැනීමට හැකිවූ බවද සාමාන්‍යයෙන් සෙනසුරාදා දිනවල ලංගම බස් රථ ධාවනයෙන් උපයන ආදායම රුපියල් මිලියන 68ක් බවද පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එම වැඩිවීම 45%ක් පමණ වන බවය.

මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.