Gossip

ස්වර්ණවාහිනිය විකුණලා නැහැ – ඒක අමූලික බොරුවක්

EAP සමුහ ව්‍යාපාරය සතු ප‍්‍රබලතම සන්නාමය වන ස්වර්ණවාහිනිය Swarnavahini  වෙනත් පාර්ශවයන් විසින් මිලදි ගෙන ඇති බවට පැතිර යන ප‍්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නැතැයි ස්වර්ණවාහිනි පාලනාධිකාරිය අවධාරණය කරනවා.

ස්වර්ණවාහිනිය පාලනය කරන්නේ EAP සමූහ ව්‍යාපාරයේ උප සභාපති වගේම EBC මාධ්‍ය ජාලයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ මහතා විසින්.

ඒ වගේම නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මින් සවර්ණවාහිනියේ මෙන්ම EAP සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස ද තවදුරටත් කටයුතු කරනවා.

ශක්තිමත් දේශිය ව්‍යාපාර ජාලයක් ගොඩනැගීමට අඩි තාලම දැමු EAP එදිරිසිංහ මහතා විවිධ ක්ෂේත‍්‍රයන් තුල අතු පතර විහිදා ගිය දැවැන්ත ව්‍යාපාර ජාලයක් ගොඩනැගුවා.

ඒ මත හිදිමින් තමන් සතු ව්‍යාපාරික ඥානය සහ නිර්මාණශිලිත්වය උතුම් මානව දයාව රටේත් ජනතාවගේත් යහපත උදෙසා යෙදුවු ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිණිය EAP ව්‍යාපාර ජාලය හිණිපෙත්තට ඔසවා තැබුවා.

ඒ ශක්තිමත් දේශිය ව්‍යාපාර ජාලය එදා මෙන්ම අදත් සැබැවින්ම එදිරිසිංහ පවුල සතුයි.

චිත‍්‍රපට කර්මාන්තය, මුල්‍ය, සිනමා හා හෝටල් ආදි විවිධ ක්ෂේත‍්‍රවල සිටින EAP සමාගම සතුව සවර්ණවාහිනිය, ETV, ශ්‍රී FM, රන්වන් FM ලෙසින් රටේ ප‍්‍රබලතම විද්‍යුත් ආයතනයි.

ව්‍යාපාර ක්ෂේත්‍රයේ නවමන් සොයා යන ශක්තිමත් ව්‍යාපාරික ජාලයක් වන EAP සමුහ ව්‍යාපාරය ඉදිරියේදී නැවුම් අත්දැකීම් රැසක් සමගින් ඔබ හමුවට පැමිණීමට සුදානම්.

තවද සැබැවින්ම ස්වර්ණවාහිනි වෙනත් කිසිදු පාර්ශවයක් විසින් මිලදි ගෙන නොමැති අතර එම කටකතාවලට නොරැවටෙන ලෙස සහෘද පේ‍්‍රක්ෂකයන්ගෙන් සහ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.