Gossip

ත්‍රීවීල් කට්ටියයි බස් කට්ටියයි කෝච්චි යන එකත් නවත්තයි

පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක නිරතවනවා. ප්‍රදේශ කිහිපයක ත්‍රිරෝද රථ රියදුරන්ද විරෝධතාවල නිරත වෙමින් එම වර්ජනයට සහය පළකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

කොහොම වුණත් මීගමුව ගල්කන්ද ප්‍රදේශයේදී වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ සේවකයින් සහ ත්‍රිරෝද රථ රියදුරන් දුම්රිය මාර්ගයද අවහිර කර තිබෙනවා.

දුම්රිය ගමනාගමනයට බාධා කිරීමට උත්සහ කළ වර්ජකයින් දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට පොලිසිය මහත් වෙහෙසක් ගත්තා. එහිදී නොසන්සුන්තාවයක්ද හටගත්ත.

මේ හේතුවෙන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.