gossip_bulletin

ගියේ වෙන වැඩකට හැබැයි කළේ නරක් වැඩක්

රත්නපුර පුලිඟුපිටිය ප‍්‍රදේශයේ වෙළඳසැලකට ඇතුලූ වි මුදල් සොරකම් කළ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වෙළඳසැලේ හිමිකරු  බැංකුවේ තැන්පත් කිරීම සඳහා සුදානම් කර තිබු මුදල් මෙලෙස සොරකම් කර ඇති අතර සොරකම සී.සී.ටී.වී කැමරාවේ සටහන්වි තිබුණා.

රත්නපුර පුලිඟුපිටිය ප‍්‍රදේශයේ පිහිටි මෙම විදුලි උපාංග අලෙවිසැලට ඊයේ දහවල් පුද්ගලයෙකු පැමිණ තිබුණා.

ඔහු ඉල්ලූ භාණ්ඩය රැගෙන ඒමට වෙළඳසැල් හිමියා ගිය අවස්ථාවේ වෙළඳසැලේ ලාච්චුවේ තිබු මුදල් සොරාගන්නා ආකාරය මෙලෙස සී.සී.ටී.වී කැමරාවේ සටහන්ව තිබුණා.

භාණ්ඩය ආදාල ස්ථානයේ නැවත තැබිම සඳහා වෙළඳසැල් හිමියා ගිය අතරතුර ලාච්චුවේ තිබු තවත් මුදල් මිටියක් මෙලෙස සොරාගෙන තිබුණා.

අවස්ථා දෙකකදි සිදුකරන මෙම සොරකමේදි බැංකුවේ තැන්පත් කිරීම සඳහා සුදානම් කර තිබු රුපියල් ලක්ෂ එක හමාරක් රැගෙනගොස් ඇති බවයි වෙළඳසැල් හිමියා පැවසුවේ.

සිද්ධීය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.