Gossip

වන අලි ප්‍රශ්නයට App එකක්

අලි මිනිස් ගැටුමට බෙහෙවින් අවධානය යොමු වී ඇති යුගයක් ලෙස මේ කාලය සඳහන් කළ හැකිය. විශේෂයෙන් අලින් දුම්රියවල ගැටීම, අලින් ගම් වැදීම, මිනිසුන්ට පහරදීම වැනි දේ දිනපතා මාධ්‍ය ඔස්සේ බහුලව දකින්නට ලැබේ. අලින් පිළිබඳ විශේෂයක් දැක්වූවද අනෙක් සතා සීපාවා මෙන්ම ගහකොළ ගැන වුවද කීමට ඇත්තේ එවැනිම කතාවකි. අප රටේ සොබාදහම රැකීමට ඇති ආයතන අතරින් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය යටතේ ගිවිසුමක් මඟින් ක්‍රියාත්මක වන පුණ්‍යායතනයක් ලෙස වන ජීවී භාරයටද මේ පිළිබඳව ඇත්තේ විශේෂ වගකීමකි.

මේ ආයතනයේ ස්වේච්ඡාවෙන් සේවය කරන විද්යුත් ඉංජිනේරුවන් 10ක පිරිසක් එකතුවී ඉන්ෆ්‍රාසොනික් ඇප් (infrasonic app) එකක් නිර්මාණය කරලා.

ඒ ඉන්ෆ්‍රාසොනික් ඇප් එක සංවේදකයක් ලෙසයි කටයුතු කරන්න‍ේ‍. සංවේදකය සවි කළ පසු රේල් පාර මතින් කතිරයක් වගේ ශබ්ද කිරණ කදම්භ ගමන් කරනවා. එවිට අලියකු, මිනිසකු, මුවකු නැත්නම් කුරුල්ලකු සිටියත් එය සංවේදකයෙන් පෙන්නුම් කරනවා.

මේ app එක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

“රේල් පාර මත යම් සත්ත්වයකු ඉන්නවා නම් දුම්රිය රියැදුරුට කිලෝ මීටරයක් ඈත සිට රතු එළියක් දක්වනවා. එහෙම බාධකයක් නැත් නම් කොළ එළිය දැල්වෙනවා. යම් විදියකින් සංවේදකයට හානි වී ඇත් නම් කහ එළිය දැල්වෙනවා. එවිට රියැදුරු අවධානයෙන් ගමන් කළ යුතුයි. ඒ වගේම මේ සංවේදකයෙන් රේල් පාරේ ඉන්න අලින්ට ශබ්ද තරංගයක් මඟින් හරියට කරන්ට් වැදුණා වගේ හැඟීමක් ඇති කර එතැනින් ඉක්මනින් ඉවත් වීමේ අවශ්‍යතාව මතු කරනවා. “

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.