Gossip

සිංහයන්ට අද තරඟය ඉතාමත් වැදගත්

sri lanka cricket

සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේ ස්‌ථානයක්‌ ස්‌ථීර කර ගැනීම අත්‍යවශ්‍ය ජයග්‍රහණයක්‌ දෝතට ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අද (23 දා) බුලවායෝ හී පිහිටි ක්‌වින් ස්‌පෝට්‌ස්‌ ක්‍රීඩාංගණයට පිවිසෙයි.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්‌ඩායම් දෙකම සිම්බාබ්වේ සමග පැවැති තරගයක්‌ වර්ෂාවට සේදීයාම හේතුවෙන් අවසන් තරගයේ ස්‌ථානයක්‌ දිනා ගැනීමට කණ්‌ඩායම් තුනටම මේ වන විට විවෘතව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් මේ වන විට එක්‌ ජයග්‍රහණය බැගින් සහ නොවිසඳුනු තරගය බැගින් සහභාගි වූ තරග අවසන් කරමින් ප්‍රසාද ලකුණු 7 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්‌ථාන වෙන්කර ගෙන තිබේ. තරග තුනකදී එක්‌ තරගයක්‌ පමණක්‌ පරාජය වී, එක්‌ තරගයක්‌ නොවිසඳුම් සහ තරගයක්‌ විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් සිම්බාබ්වේ පිලද ප්‍රසාද ලකුණු හතරක්‌ හිමිකර ගෙන තිබේ.

අද තරගයෙන් ජය ගන්නා කණ්‌ඩායමට ගැටලුවකින් තොරව ලබන 27 වැනිදා බුලවායෝහිදී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා අවස්‌ථාව හිමිකර ගනියි. අද තරගයේදී ශ්‍රී ලංකාව ජය ගතහොත් අනිද්දා (25 දා) පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සිම්බාබ්වේ අතර තරගයේ ජයගන්නා කණ්‌ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වේ. එසේ වන්නේ ජයග්‍රාහී පිලට ප්‍රසාද ලකුණු හතරක්‌ හිමි වන බැවිනි. එහිදී සිම්බාබ්වේ ජය ගතහොත් තවත් ප්‍රසාද ලකුණු හතරක්‌ සමග මුලු ප්‍රසාද ලකුණු අටක්‌ සමගින් අවසන් තරගයට පිවිසෙයි. කොදෙව්වන් ජය ගතහොත් සිම්බාබ්වේ අවසන් තරග අවස්‌ථාව ගිලිහෙන අතර තරගය විසඳුමකින් තොරව අවසන් වුවද සිම්බාබ්වේ අවසන් තරගයේ අවස්‌ථාව අහිමි වේ.

යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරගය පරාජය වුවහොත් ලබන 25 වැනිදා සිම්බාබ්වේ සහ කොදෙව්වන් අතර තරගයෙන් සිම්බාබ්වේ පරාජයට පත්වෙන තුරු හෝ තරගය නොවිසඳුම් තරගයක්‌ බවට පත් වුවහොත් පමණක්‌ අවසන් තරගයට පිවිසීමේ අවස්‌ථාව තිබේ.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය මෙන්ම වර්ෂාව හරස්‌වීමෙන් අද තරගයේ දෙපිලටම ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමි වුවහොත් සිම්බාබ්වේට අවසන් තරගයට පැමිණිය හැකි වන්නේ කොදෙව්වන්ව ප්‍රසාද ලකුණක්‌ සමගින් පරාජය කරමින් දළ ලකුණු වේගය මත ඉදිරියට පැමිණියහොත් පමණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top