Gossip

ජනපති ඝාතනයේ නොවිසඳුණු අභිරහසට වසර 53 යි

John F. Kennedy

රටක ජනාධිපති කෙනෙක්ව ඝාතනයට ලක්වෙනවා කියන්නේ කොයි කාලෙක වුණත් රටේ ඉරණම සම්පුර්ණයෙන් ම වෙනස් කරන සිදුවීමක්.

ඇමරිකාවටත් ඒ විදිහේ අඳුරු අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ හරියටම වසර පනස් තුනකට කලින් අද වගේ දවසක ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට ගොදුරු වීමෙන්.

ජෝන් ෆිට්ස්ජෙරාල්ඩ් කෙනඩි ඇමරිකාවේ 35 වැනි ජනපතිවරයායි.

1963 වසරේ නොවැම්බර් මාසයේ 22 වැනිදා.  ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේදී ජනතා දැක්මකට සහභාගී වෙමින් සිටියදී මරණය ජෝන් එෆ්. කෙනඩිව සොයා එනවා.

විවෘත ලිමොසින් මෝටර් රථයක නැගී මඟ දෙපස රැස්කමින් සිටි ජනතාවට ආචාර කරමින් ජනපති කෙනඩිත් ඔහුගේ බිරිඳ ජැකලීන් කෙනඩිත් ගමන් කරනවා.

එක්වරම නිකුත් වන වෙඩි හඬක් සමඟ ජනපතිවරයාට ආචාර කරමින් සිටින ජනතාව අතරින් වේගයෙන් ඇදී එන්නේ වෙඩි උණ්ඩයක්. ඒ සමඟම තම ගෙල  දෑතින්ම ආවරණය කරගනිමින්  ජනපතිවරයා ජනපති ආර්යාව  දෙසට ඇද වැටෙනවා .

ඒ සමඟින් තවත් වෙඩි උණ්ඩයක් පියඹා විත් ජනපති කෙනඩි ගේ හිසේ වදින්නේ ඔහුගේ ජිවිතයේ අවසානය සනිටුහන් කළ වෙඩි උණ්ඩය බවට පත්වෙමින්.

දෙවන වෙඩි උණ්ඩයත් සමඟම ජනපති ආර්යාව ලිමොසින් රථයේ පසුපස බඳ කොටසට නගින අයුරුමේ අවස්ථාව සම්පුර්ණයෙන් ම පටිගත වූ වීඩියෝවේ දැක්වෙනවා.

එය දුටු මතින් ම හැඟෙන්නේ  ජැකී කෙනඩි තම ආරක්ෂාව පිණිස එසේ කරන බවයි.

එහෙත් පසුව හෙළි වුණේ  වෙඩි වැදුණු ජෝන් එෆ්. කෙනඩිගේ හිස්වෙන් ගැලවී ගිය කොටසක් වැටෙන්නට නොදී අසුලා ගැනීමට ඇය එසේ කළ බවයි.

ජනපතිට වෙඩි වැදීමත් සමඟ කිසිවක් සිතාගත නොහැකිව කලබලයට පත් ජනතාව හිස් ලූ අත පලා යනවා.

ඒ අතරින් ජනපති ඝාතන සැකකරු අත් අඩංගුවට පත්වෙනවා.

ලී හාවේ ඔස්වල්ඩ් නැමති මේ පුද්ගලයා පාපොච්චාරණයක් කරමින් තමන් ඇමරිකාවේ ජනපතිවරයාව ඝාතනය කළ බව පිලිගන්නවා.

එහෙත්, පරීක්ෂණ සහ නිසි නඩු විභාගයකට ඉඩ නොතබාම කෙනඩි ඝාතනයට චෝදනා පිට අත්අඩංගුවට ගත් සැකකරුවා පොලිස් රැකවල් මැද සිටියදී 1963 නොවැම්බර් 24 වැනිදා හදිසියේ කඩා වදින නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා මරා දමනවා.

පසුව ජැක් රූබී නමැති පුද්ගලයෙකු ලී හාවේ ඔස්වල්ඩ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා.

පෙනහළු පිළිකා රෝගියෙකු වූ ඔහු 1965 වසරේදී මියයන්නේ කෙනඩි ඝාතනය නොවිසදුනු අභිරහසක් බවට පත්කරමින්.

කෙනඩි ඝාතනය අදටත් ලොව නො විසඳුණු අබිරහස් රැසක එකතුවක්.

කෙනඩි ඝාතනය වුයේ ඇයි?

සැබවින් ම ඝාතකයා ලී හාවේ ඔස්වල්ඩ් ද?

ලී හාවේ ඔස්වල්ඩ් කෙනඩිව ඝාතනය කළා නම්,  ලී හාවේ ඔස්වල්ඩ්ව ඝාතනය කළේ ඇයි?

එමෙන් ම කෙනඩි ඝාතනය සිදුවූ අවස්ථාවේ එතන සිටි කාන්තාවකටත් ලෝකයේ අවධානය යොමු වුණා. කවුදැයි අදටත් හඳුනා නොගත් ඇයව දැන් හැඳින්වෙන්නේ ” බබුෂ්කා වුමන් ” යන අන්වර්ථ නාමයෙන්.

1963 නොවැම්බර් 22 වැනිදාට අදාළ සිදුවීම ඔපමනක් වුවත් මේ කතාව සම්පුර්ණයෙන් ම කියන්නට නම් තවත් කරුණු කිහිපයක් කිව යුතුමයි.

එතරම් රසවත් යුග දිවියක් ගත නොකලත් ජෝන් එෆ් කෙනඩිගේ  මරණය වැන්දඹුවක් වූ ජැකලීන් කෙනඩිව මහත් චිත්ත පීඩාවට පත්කළා.

ඇය කිහිප වරක්ම සියදිවි නසාගන්නත් උත්සහ කළා.

ජෝන් එෆ්. කෙනඩි සිය විවාහය තිබියදීත් බොහෝ කාන්තාවන් හා ප්‍රේම සබඳතා තබාගත් බව ප්‍රකට කරුණක්.

ලොව ජනප්‍රිය චරිත කිහිපයක්මත් ඒ අතර වනවා.

ලෝප්‍රකට නිලි මැරිලින් මොන්රෝ ත් ඒ චරිත අතුරින් එකක්.

කෙනඩි මියයාමට වසරකට පමණ කලින්, එනම් 1962 අගෝස්තු සිය 5 මැරලින් සියදිවි නසාගන්නවා. එහෙත් බොහෝ දෙනා පැවසුවේ සිය නම අපකීර්තියට පත් නොවී රැකගැනීමට ජෝන් එෆ්. කෙනඩි විසින් ඇයව ඝාතනය කෙරවූ බවයි.

කෙනඩිගේ මරණින් කලක් ගතවූ පසු  මාධ්‍ය  හමුවේ සිය අදහස් දක්වමින් ජැකී කෙනඩි ප්‍රකාශ කළේ ”  මොන්රෝ නම් එහෙම හරි මේ පීඩාවෙන් ගැලවීමට වාසනාවන්ත වුණා. ඇයට ඔහුගේ මරණයේ දුක විඳින්නට වුණේ නැහැ ” යන්නයි.

ජෝන් එෆ්. කෙනඩිගේ මරණයෙන් වැන්දඹුවක් වනවිට යන්තම් 34 වැනි වියෙහි වූ ජැකලීන් කෙනඩි ඔනාසීස් 1968 වසරේදී යළි විවාහ වනවා.

ඒ ඇයගේ කුඩා කළ  මිතුරෙකු වූ කෝටිපති ව්‍යාපාරික ඇරිස්ටෝටල් ඔනාසීස් සමඟයි.

ඔහු එක විවාහයකින් වෙන් වී සිටි අයෙක්.  ඔනාසීස්ගෙන්  ජැකී ට  අවශ්‍ය වුණේ පවුලක සුරක්ෂිතතාවයයි.

එහෙත් 1975 දී ඇරිස්ටෝටල් ඔනාසීස් මියයන්නේ ඇයව යලිත් වරක් වැන්දඹුවක් කරමින්.

ජැකලීන් කෙනඩි ඔනාසීස් 1994 මැයි 19 වැනිදා සිය සැමියන් දෙදෙනාම ගිය ලෝකයට යන්නේ වයස අවුරුදු 64 ක් ව තිබියදී.

15139458_10202280181881535_1387577719_n

ජෝන් එෆ් කෙනඩි

15209078_10202280181801533_166450143_n

කෙනඩි ළමා කාලයේදි

15128743_10202280182321546_114869561_n

කෙනඩි හමුදා සේවයේ පුහුණුවක් අතරතුර

14877011_10202280182081540_449884514_n

කෙනඩි – ජැකී කෙනඩි විවාහය

15183834_10202280182361547_1783673398_o

ජැකී කෙනඩි

15151047_10202280182401548_604985534_n

කෙනඩි පවුල

15139541_10202280182241544_1300021814_n

ප්‍රථමවරට ජනාධිපතිවරණ විවාදයක් ඇමෙරිකානු රූපවාහිනි නාලිකාවක සජීවී ව විකාශය වූයේ 1960 වසරේදී. ඒ ජෝන් එෆ් කෙනඩි සහ රිචඩ් නික්සන් අතර වූ විවාදයයි. ජනපතිවරණයෙන් ජයගත්තේ ජෝන් එෆ් කෙනඩි.

15209185_10202280181721531_2081473460_n

කෙනඩි ඝාතනයට ලක්වූ දිනයේදී

15174538_10202280181841534_244671388_n

වෙඩි ප්‍රහාරය එල්ලවීමට පෙර

15135485_10202280181481525_1511555714_n

පළමු වැනි වෙඩි ප්‍රහාරයෙන් පසුව

15151194_10202280181641529_246454419_n

කෙනඩිට දෙවන වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් පසුව ආරක්ෂකයෙකු ජනපතිවරයා සහ ආර්යාව ආවරණය කරමින් රථය වෙත පනින ආකාරය

15134465_10202280182201543_1220348585_n

මගදෙපස රැස්ව සිටි පිරිස අතර වූ යුවළක් වෙඩි හඩත් සමග සිය දරුවන් ආරක්ෂා කර ගැනීමට ගන්නා උත්සාහය

15139419_10202280181441524_286800606_n

කෙනඩි ඝාතන සැකකරු ලී හාවේ ඔස්වල්ඩ්

15209250_10202280181961537_1269483565_n

ඔස්වල්ඩ් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කළේ මෙම ස්ථානයේ සිටය

15135491_10202280181681530_1553418213_n

කෙනඩි ඝාතනයට යොදාගත් ස්නයිපර් අවිය

15134324_10202280181561527_1302917959_n

ලී හාවේ ඔස්වල්ඩ් ඝාතනය කළ ජැක් රූබී

15174442_10202280181601528_851263585_n

ලී හාවේ ඔස්වල්ඩ්ගේ දේහය

15135704_10202280182121541_450762901_n

කෙනඩිගේ මරණයෙන් පසුව 1968 වසරේදි ජැක්ලින්ගේ දෙවන විවාහය – ඇරිස්ටෝටල් ඔනාසීස් සමග

15139571_10202280181521526_1358594489_n

ඇරිස්ටෝටල් ඔනාසීස්

15151117_10202280182161542_600006621_n

1994 වසරේදි සිදුවූ ජැක්ලීන් කෙනඩිගේ මරණය සිදුවූ දා ඩේලි නිවුස් පුවත් පතේ මුල්පිටුව

15175368_10202280181761532_430036772_n

කෙනඩි උපන් ස්ථානය

15209206_10202280182001538_632112278_n

කෙනඩි ඝාතනය වූ ස්ථානය 2008 වසරේදීයි

maxresdefault

කවුදැයි අදටත් හඳුනා නොගත්  ” බබුෂ්කා වුමන් ” යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන කාන්තාව

the-babushka-lady

බබුෂ්කා වුමන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top