Paper Gossip

‘ආවා’ කල්ලියට සාමාජිකයන් රැස්‌කළේ මුහුණු පොතෙන්

facebook

උතුරේ ‘ආවා’ කල්ලියට සාමාජිකයන් එකතු කිරීමට මුහුණුපොත Facebook දායක කරගත් බව අත්අඩංගුවට ගත් එම කල්ලියේ සාමාජිකයකු පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන ඒකකයට ප්‍රකාශ කර ඇත.

දෙමළ චිත්‍රපටවල සිදුවෙන යුක්‌තිය අයුක්‌තිය වෙනුවෙන් රඟපාන චරිත අනුව ක්‍රියා කිරීමේ අදහසින් ‘ආවා ගෲප්’ කල්ලිය සංවිධානය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

‘ආවා ගෲප්’ කල්ලියට වැඩි ප්‍රසිද්ධියක්‌ ලබා ගැනීමද මෙම කල්ලියේ අදහසක්‌ව තිබී ඇතැයි ත්‍රස්‌ත විමර්ශන අංශයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

‘ආවා ගෲප්’ කල්ලියට දේශපාලන පසුබිමක්‌ තිබෙන බවට තොරතුරු අනාවරණය වී නැත.

කෙසේ වුවත් විරුද්ධවාදීන් ප්‍රචාරය කරන තරමට ‘ආවා ගෲප් කල්ලිය’ මහත් දරුණු කණ්‌ඩායමක්‌ නොවන බව ත්‍රස්‌ත විමර්ශන ඒකකය කියයි.

නෝමන් පළිහවඩන

දිවයින පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.