Paper Gossip

වයස 15ක ගැබ් ගත් තරුණිය අභිරහස් ලෙස මිය ගිහින්

pregnant mother

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ 15 හැවිරිදි විවාහක ගැබිනි තරුණියක් සැමියාගේ නිවෙසේ නාන කාමරය තුළ ඇද වැටී අබිරහස් ලෙස මියයෑමේ සිද්ධියක් පිළිබදව කින්නියා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

පෙරේදා (20දා) උදේ සිදුවී ඇති මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නලීම් ජෙතුෂා නමැති කාන්තාවක බව පොලීසිය පැවැසීය.

එම නිවෙසේ නාන කාමරයේ තිබී සොයා ගන්නා ලද මළ සිරුරේ ගෙලේ තුවාල සලකුණු දෙකක්ද, නිකටේ සීරිම් තුවාල ද තිබෙන බව පොලිස් පරීඛ්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම කාන්තාව දැනට මාස 3කට පෙර අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකටයුතු තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා විටද ඇය මාස දෙකක ගැබිනියක්ව සිට ඇති අතර එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇයව විවාහ කරගන්නා බවට අධිකරණය ඉදිරියේ පොරොන්දු වූ බවද පොලීසිය පැවැසීය.

එම පොරොන්දුව මත සැකකරු ඇයව විවාහ කරගෙන ඔහුගේ නිවෙසට පදිංචියට කැදවාගෙන ගොස් ඇති අතර, ඊට පසු මේ සිද්ධිය සිදුවී ඇති බව හෙළි වී ඇතැයි ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.