Paper Gossip

ලාංකිකයෙකුට වන්දි ගෙවන්න ශ්‍රී ලංකාවට නියම වෙච්ච හැටි

canadian

කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු Sri Lankan ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුට ශ්‍රී ලංකාවේදී විඳීමට සිදුවූ වධහිංසා වෙනුවෙන් වන්දි ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකාවට නිර්දේශ කර ඇතැයි කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි.

එම සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ආයුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව නිර්දේශ කර ඇතැයි ජාත්‍යන්තර යුක්තිය සඳහා කැනඩා මධ්‍යස්ථානය උපුටා දක්වමින් නැෂනල් පුවත් සේවය වාර්තා කරයි. රොයි සමතානම් නම් 46 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ වන්දි ගෙවන ලෙසට නියම කර තිබේ.

තමාට ශ්‍රී ලංකාවේදී මුහුණපෑමට සිදුවූ වධහිංසා පිළිබඳව ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට කරනු ලැබූ පැමිණිල්ලට අනුව තීන්දුව ප්‍රකාශ කරමින් වින්දිතයා වෙනුවෙන් වන්දි ගෙවන ලෙසට ශ්‍රී ලංකාවට නිර්දේශ නිකුත් කර තිබේ.

සමතානම් මෙම පුද්ගලයා සරණාගත‍යෙකු වශයෙන් කැනාඩාවට ගොස් තිබේ. ඔහු 2007 වසරේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එහිදී ඔහුගේ නිවාසය වැටලූ පොලීසිය ජංගම දුරකථන 600ක් සමග ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් එම දුරකථන සිය ව්‍යාපාරික මිත්‍රයෙකු වෙනුවෙන් සිංගප්පූරුවේ සිට ආනයනය කළ බව ඔහු එහිදී පොලීසියට පවසා තිබේ.

පොලීසිය විසින් සැකකරු පසුව ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදී තිබේ. සැකකරුට මුලින්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් වෙනුවෙන් අධි තාක්ෂණික හා රේඩාර් උපකරණ ලබාදීමේ චෝදනා ගොනු කර තිබූ අතර පසුව ප්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ  බවටද චෝදනා කර තිබේ.

අත්අඩංගුවේ සිටි කාලයේ ඔහුට විවිධ අඩන්තේට්ටම්වලට මුහුණදීමට සිදුවූ බව ඔහු සිය පැමිණිල්ලෙන් පවසා තිබේ. කෙසේ වෙතත් පසුව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඉලෙක්ට්‍රොනික උපාංග ආනයන කිරීමේ වරදට සැකකරු වරදකරු කර දඩයක් නියම කර තිබේ.

එය ගෙවීමෙන් අනතුරුව නිදහස්වූ මෙම කැනඩා ජාතිකයා 2011 වසරේදී නැවතත් කැනඩාවට ගොස් තිබේ. පසුව ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ මීට වසර තුනකට පෙරාතුව තමන්ට සිදු වූ වධහිංසා පිළිබඳව පැමිණිලි කර තිබේ.

උපුටා ගැනීම අද පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.