Gossip

පොලීසිය වටලපු වෙලාවේ පැනලා යන්න හදපු සැකකරු වෑන් රථයක ගැටෙයි

bike accident

අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දිය ප්‍රදේශයේදි පොලීසිය අද උදේ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න හදලා.

අනුරාධපුර කොට්ඨාශ දූෂණ විමර්ශන අංශයේ කොස්තාපල්වරුන් සිව්දෙනෙකු යතුරුපැදි දෙකකින් ආවේ මාතලේ හන්දිය ගාව යතුරුපැදියක හිටපු පුද්ගලයෙකු කොටුකර ගන්න.

සිවිල් ඇදුමින් ආවත්, පොලීසිය දැක්ක ගමන් එයාලව හදුරගත්ත සැකකරුවා යතුරුපැදියෙන්ම පලායන්න හදලා.

ඒ වෙලාවේ පාරේ ගිය වෑන් එකක මේ සැකකරු හැප්පිලා.

අනතුරින් තුවාල වුන සැකකරු යතුරුපැදියත් දාලා පැනලා ගිහිල්ලා.

මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කියලයි පොලීසිය කියන්නේ.

සැකකරු අත්අඩංගුවට ගන්න මිහින්තලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කරලා.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.