Gossip

“මේ අන්තිම ඇහි පිහාටුව. දැන් සති කිහිපයක් තිස්සේ තනිවම එල්ලිලා ඉන්නවා..” පිළිකා රෝගයෙන් පෙළෙන පුංචි දුවක්ගේ සංවේදී කියමන

cancer

මේක එක ඇහි පිහාටුවක දුක හිතෙන කතාවක්.

ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් හි ජිවත්වන පියෙක් කුඩා බෝනික්කියකගේ වැනි මුහුණක, පියවුණු ඇසක එල්ලී ඇති එක ම එක ඇහි පිහාටුවක ඡායාරූපයක් මාධ්‍යයට මුදාහැරියා.

” මේ අන්තිම ඇහි පිහාටුව. දැන් සති කිහිපයක් තිස්සේ තනිවම එල්ලිලා ඉන්නවා ..” කියන වැකිය එක්ක.

මේ කතාව බොහොම සංවේදී කතාවක්.

මේ තනි ඇහි පිහාටුව අයිති හත් හැවිරිදි හේලි බ්‍රවුන් ට.

ඇය පිළිකා රෝගියෙක්.

විකිරණ ප්‍රතිකාරවලින් අනතුරුව හිසකේ මෙන් ම කෙස් ද හැලී ගිය හේලි ගේ අවසාන ඇහි පිහාටුව තමයි මේ.

මේ පින්තුරය ගත් තාත්තා මේ දුවට හුඟක් සමීපයි.

තමන්ගේ දුව පිළිකාවත් එක්ක කරන සටන මේ තාත්තාව බොහෝ පීඩාවට පත්කරලා.

ගතවෙන හැම මිනිත්තුවක් ම තමන්ගේ දුව එක්ක ගත කරන එක තමයි ඔහුගේ එකම අරමුණ වෙලා තියෙන්නේ.

 

13428619_10154289200593875_8503606800285026763_n 14601032_10154672260218875_7529417654409319113_n 14642169_10154668848538875_1895571783246933063_n 14670852_10154636382313875_5152141112178034952_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top