gossip_bulletin

ණය පියවා ගැනීමට නොහැකිව මව පුතා එක්ක ළිඳට පනී

suside

ණය ගෙවාගත නොහැකිව මවක් තම අවුරුදු දෙකහමාරක පුත්‍රයාද සමග ළිදකට පැන සියදිවි හානි Suicide කරගෙන තිබෙනවා.

වවුනියාව ඕමන්ත පන්රිකෙයිදකුලම ප්‍රදේශයේ පාලු ළිදක තිබිලා අම්මගෙයි පුතාගෙයි සිරුර දෙක ඕමන්ත පොලීසිය සොයාගත්තා.

මියගිය කාන්තාව ණය මුදලක් ලබාගෙන තිබුණු අතර, පසුගිය 31වැනිදාට එම ණය මුදල නැවත ලබාදීමට නියමිතව තිබුණා.

මේ ණය මුදල පියවීම සම්බන්ධයෙන් බිරිද හා ස්වාමියා අතර බහින්බස්වීමකුත් ඇතිවී තිබෙනවා.

පසුව සැමියා පොලීසියට පැමිණිලි කර තිබුණේ තම බිරිද හා දරුවා අතුරුදන්ව සිටින බවටයි.

කොහොමවුනත් මේ මරණය ඝාතනයක් ද සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබදව ඕමන්ත පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.