gossip_bulletin

දරුවන්ගේ නොසැලකිල්ල නිසා මහපාරට වැටුනු මවක් කඳුළු සළමින් කියන සංවේදී කතාව

mother

පුතා සහ ලේලිය නොසැලකු වයස අවුරුදු පනස් නවයක මවක් දින දෙකක් තිස්සේ හැටන් දුමිරිය ස්ථානයේ සිටියදි දුමිරිය ස්ථානයේ නිළධාරින් විසින් හැටන් පොලිසිය වෙත භාර දෙයි.

තම පුතා සහ ලේලිය නොසලකා හැරිම නිසා මිනුවන්ගොඩ කුඩාගොඩ ප‍්‍රදේශයේ ආරාමයක මාස තුනක් තිස්සේ රැකවරණය ලැබු පනස් නව හැවරදි ඩබිලිව්. ඩබිලිව්. කුසුමා පේ‍්‍රමලතා නැමැති එක්දරු මව පෙරේදා  (31.10) සිට හැටන් දුමිරිය ස්ථානයේ රැදි සිටියදි හැටන් දුමිරිය ස්ථානයේ නිළධාරින් විසින් ඇයගෙන් කරුණු විමසා ඇයව හැටන් පොලිසිය හරහා දික්ඔය මුලික රෝහලට ඊයේ (01.11) පස්වරුවේ ඇතුලත් කර තිබෙනවා.

මිට මාස නවයකට ප‍්‍රථම ඇයගේ සැමියා මියයෑමෙන් පසු ලේලියගේ කිම මත තම පුතා නොසලකා හැරිම නිසා මිනුවන්ගොඩ කුඩාඔය ආරාමයට ගිය බවත් එහි ටික දිනක් රැදි සිටින අවස්ථාවේ එම ආරාමයේ පාලිකාව විසින් තමන්ගේ වමි පාදයේ  පාදයේ තිබෙන රෝගි තත්ත්වය සුවකරගෙන පැමිණෙන ලෙස ඇයව පිටමන් කළ බවයි එම මව පවසන්නේ.

දැනට මාසයක පමණක කාලයක් තැන් තැන් වල කාලය ගත කරන බවත් තමන්ට කිසිවෙක් නොසකාන්නේ හෝ රැකවරණය ලබා නොදෙන්නේ නමි තම ජිවිතය නැති කරගැනිමේ පරමාර්ථයෙන් තමන් හැටන් ප‍්‍රදේශයට පැමිණී බවයි එම මව පවසන්නේ.

අමිපාර ප‍්‍රදේශයේ නිතිඥ මහතෙකුගේ රියදුරෙකු වශයෙන් සේවය කරන ඒ. ආර් මෙල්වින් සුරංග විමලසිරි තම පුතා බව එම මව පවසනවා.

අමිපාර ගොනාගොල්ල ප‍්‍රදේශයේ ලේලියගේ නිවසේ ටික දිනක් ගතකළ බවත් ලේලියගේ කිම අසා පුතා තමන්ට සලකන්නේ නැති බවයි එම මව කියා සිටින්නේ.

තමන් සහ තම සැමියා ඇගලූමි කර්මාන්තයක සේවය කළ බවත් තමන් පදිංචිව සිටි නො. 127 බරබෝව දෙවලපොල මිනුවන්ගොඩ නිවස අලවි කිරිමෙන් පසු එම මුදල් පුතා ලබාගෙන තමන්ට නොසලකා හරින බවයි එම මව පවසන්නේ.

හැටන් දුමිරිය ස්ථානයේ නිළධාරින් හා එම මවගේ තොරතුරු විමසිමට ගිය හැටන් ප‍්‍රදේශයේ මාධ්‍යෙවිදින් එම මවට නිතිමය හා මුදල්මය ආධාර ලබා දිමට කි‍්‍රයාකරනු ලැබුවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.