Gossip

ජනේලය අයිනට හිස තබාගෙන තැපැල් කෝච්චියේ ගිය තරුණියට සිදු වූ අවාසනාවක්

කොළඹ කොටුව දක්වා මන්නාරමේ සිට ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ ගමන්ගත් තරුණියකගේ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා රන් මාලයක් කඩාගත් කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඊයේ (1දා) පරීක්ෂණ ආරම්භ කළේය.

පැමිණිලිකාර තරුණිය මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය පවුලේ ඥාතීන් දෙදෙනකු සමඟ කොළඹ බලා රාත්‍රි තැපැල් දුම්රියෙන් ගමන් කර තිබේ. ඇය දුම්රිය මැදිරියේ ජනේලය අයිනට හිස තබාගෙන ගමන් කර ඇති අතර අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයට දුම්රිය සෙමින් ළඟාවනවාත් සමඟම දුම්රිය වේදිකාවේ සිටි කොල්ලකරු ඇගේ රන්මාලය කඩාගෙන පලාගොස් ඇති බව අනාවරණය වේ.

කොල්ලකරු පැහැරගත් රන් මාලයේ වටිනාකම රුපියල් ලක්ෂ අටකට ආසන්න බව පොලිසිය සඳහන් කළේය. රන් ආභරණ පැලඳ රාත්‍රි දුම්රියන්හි යන මගීන් පිළිබඳව විමසිල්ලෙන් සිටින සංවිධානාත්මක කොල්ල කල්ලියක් මෙවැනි සොරකම් සිදුකරන බව දුම්රිය ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.