gossip_bulletin

පාසල් සිසුවියක් දුෂණය කළ පාසල් සිසුවා අත්අඩංගුවට

rape

වයස අවුරුදු 15 ක පාසැල් දැරියක් දුෂණය කල 15 හැවිරිදි පාසැල් සිසුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්. දුෂණයට ලක්වු දැරිය සැකකරුගේ නිවසට යාබද නිවෙසක පදිංචිව සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන මෙම දැරිය සහ සැකකාර සිසුවා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇතැයි හෙළිවී තිබෙනවා. ඇයගේ නිවසේ විදුලිය නොමැතිවීම හේතුවෙන් රූපවාහිනිය නැරඹීම සඳහා ඇය සැකකාර සිසුවාගේ නිවසට පැමිණෙන බව සඳහන්. එලෙස රූපවාහිනී නැරඹීමට පැමිණි පසුගිය පෙබරවාරි මාසයේ දිනෙක ඇය පළමුවරට දුෂණය වී ඇතැයි පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

පාසැලේදී දැරියගේ අසාමාන්‍ය චර්යාවන් පිළිබඳ අවධානයෙන් සිටි විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් දැරියගේ දෙමව්පියන්ට දැන්වීමෙන් පසු කල සොයා බැලීමකදීයි ඇය ගැබිණියක් බවට හෙළිවී ඇත්තේ.

ඒ අනුව ඔවුන් මේ සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. අතරවරයට පත්වු දැරිය රෝහල් ගතකර ඇති අතර සැකකාර සිසුවා මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top